(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව මෙම මස 5 වැනි දා රැස්වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
එදින පාර්ලිමේන්තු වටරවුමේදී ආණ්ඩුවට සහය පලකරන දැවැන්ත ජනතා උද්ඝෝෂණයක් පැවැත්වෙන බවද ඔහු කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
පාර්ලිමේන්තුව රැස්වන්නේ 05 වැනිදා නොව 16 වැනිදාම බවත් මන්ත්‍රීවරයා පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උදෑසන පැවසුවේ පාර්ලිමේන්තුව 5 වැනිදා රැස්වන බව නොව ජනාධිපතිවරයා විසින් කැදවීමට ඉඩ තිබෙන බව යැයිද ඔහු සදහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දැන් අගමැතිවරයා දන්නේ නැති දේවලුත් දන්නවාද? නැත්නම් ගෙම්බෝ අඩුවෙලාද?
ගෙම්බා පනින ක්‍රීඩාව 5දාට කලින් අහවර කරලා දාන්න බැරිද? සම්පත් දායකත්වය වැඩි කරන්න. ඉක්මනටම ආශ්චාර්ය පෙන්නන්නකෝ...
ඕක වහලම දැම්මනම් වැඩේ ඉවරයි...
ඇයි බයද?
5ද, 7ද, 16ද, කියලා තීරණයක් ගන්න බැරිව කොහොමද 113 ගැන කතා කරන්නේ? දැන්නම් ඇත්තටම සැකයක් ඇතිවෙනවා මහින්ද දිරවගන්න බැරි ලණුවක් අනුභව කෙරුවාදෝ කියලා....
නැකත් ප්‍රශ්නයක්ලු නේද?
තවම ගණන් හදාගන්න බැරිවෙලා වගේ,
දේශපාලකයෝ කනවා, වමාරනවා, වමාරපුවා අායිමත් කනවා.
දැනටම ප්‍රශ්නයක් එහෙනම් ?