තරිඳු ජයවර්ධන
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ලබන 14 වැනි දා කැඳවන බව සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය අද සවස නිකුත් විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවේ පසුගිය 27 වැනි සෙනසුරාදා ය. පාර්ලිමේන්තු සැසිය කල් තබන ලද ගැසට්ටුවේ සඳහන් වූයේ අලුත් සැසිය නොවැම්බර් 16 වැනි දා කැඳවන බවයි.
පාර්ලිමේන්තු සැසිය කල් තැබීමෙන් පසු ඊට බොහෝ දෙනකුගේ විරෝධය එල්ල විය.
කෙසේ වෙතත් අද ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ 14 වැනි දා පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම එකතුවෙලා ජනාධිපති ක්‍රමය අහෝසි කරල මන්ත්‍රී කමට උපාධියක් තිබීම අනිවාර්යය කරමු. මේ වෙන දේවල් බලන් ඉන්නත් ලැජ්ජයි.
ලෝකේ වටෙන්ම බලපෑම් එන නිසා ලෝකෙට පෙන්න දවස් දෙකක් ඉස්සරහට අරන්. ඕවා කරලා ඉස්සරහට යන්න බැහැ.
අද අපේ රටේ වැදගත්ම වචනය බවට පත්ව ඇති "බහුතරය" තවම සම්පුර්ණ නැති බව හෝ අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ප්‍රමාදයක් ඇති බවද මෙයින් ගම්‍ය වෙන්නේ?
මේ ගැන කවුරුවත් කලබල විය යුතු නැහැ.
මට නම් පේන්නේ තවමත් ආණ්ඩුවට බහුතරය ගන්න බැරිවෙලා වගෙයි.
බහුතරය නැහැ වගේ තවම.
තාම 113 හද ගන්න බැරි වෙන්න ඇති තව කෝටි හයක් විතර ගෙවන්න බලාපොරොත්තු වෙනවද?
එජාපයට දෙමල සන්ධානයේ, හකීම් සහ බදුර්දීන් පාර්ශවයේ සහයෝගය තිබේ නම් මහින්ද පාර්ශවයට කොහෙන් හෝ තව 18 දෙනෙකු බාගැනීමට සිදුවේවි... හකීම් බදුර්දීන් මහින්දට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ස්ථාවරය වෙනස් කර නැති බව අද කියා තිබුණා. ඊයේ අපට අසන්නට ලැබුණා දැනට ලෝකය පුරා ප්‍රධාන මාධ්‍ය සියල්ලක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති එහෙත් තවමත් ලංකාවේ බොහෝ මාධ්‍යයන් නොදැක්කා මෙන් ඇහැ කන පියාගෙන සිටින විදේශ රටවල රාජ්‍ය නායකයින් අතර කතාබහට ලක්ව ඇති මුදලට මන්ත්‍රීන් බිලිබා ගැනීම සම්බන්ධ සුප්‍රකට හඬ පටයක " ගේම දැන් ඇතහැරලා තියෙන්නේ.... සල්ලි ගත්ත සමහරු ස්වාධීන වෙනවා. සමහරු ආපහු යනවා. දීපුවත් නෑ. මොකවත් නෑ " කියනු ඇසුණා. මේ කතාව අැත්තක් නම් මහින්දයා ගොඩ එන්නට 18ටත් වැඩිය අවශ්‍ය වේවි. අද කතා නායකවරයා කියන්නේ "එක් පාර්ශවයක් බහුතරය පෙන්වන තුරු හිටපු තැනම කියලයි. අද පවත්වන කොළඹ ජන බලය ඝෝෂාකාරී කයිවාරුවක් වෙනු නොඅනුමානය. දැනට අරලියගහ මන්දිරයේ සිද්ධ වෙන්නාක් මෙන් පාර්ලිමේන්තු වටරවුමට එකතුවෙන ජනගංගාව එතන අරක්ගන්නටද බැරි නැත. මේ අප්‍රසන්න දේශපාලන මඩ ගොහොරුවේ අවසානයක් ඉක්මණින් දකින්නට නොලැබෙන බවයි පෙනෙන්ට ඇත්තේ...
අවුරුදු 60 ක් 70 ක් රැස් වෙලත් ඔය පාර්ලිෙම්න්තුව විසදපු ප්‍රශ්ණයක් නැහැ. ඕක රැස් වුණත් එකයි නැතත් එකයි.