(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ තවත් සේවකයන් 27 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත.
කොවිඩ් ආසාදනයවී ඇති මෙම පිරිසට පොලිසියේ දෙදෙනෙක්ද ඇතුළත් වෙති.
පාර්ලිමේන්තු සේවකයෝ 159 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට අද (8) යොමු කෙරුණහ. මෙම සේවකයන් 27දෙනාට කොවිඩ් ආසාදනයවී ඇතැයි හඳුනාගෙන ඇත්තේ එම පරීක්ෂණවලදීය.
කොවිඩ් ආසාදිත සේවකයෝ පිරිස නිරෝධායනයට ඒ මොහොතේම යොමු කරනු ලැබූහ.
පාර්ලිමේන්තු සේවකයෝ පනහකට ආසන්න පිරිසක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙක් කොවිඩ් රෝගයට පසුගිය සති කිහිපයේදී ගොදුරු වූහ.
කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරු වී ඇති මන්ත්‍රීවරුන් ගණන 49කි.
විශේෂ උත්සවයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබුණද කොවිඩ් තත්වය නිසා ඔහු ඊට සහභාගි වූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd