(සුජිත් හේවාජුලිගේ )
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන අඩු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිය නොසතුට පළ කර ඇතැයි වාර්තා වේ. මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව එම දීමනාව මෙසේ අඩු කර ඇති බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක්ලං කාදීපයට පැවැසීය.
සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකු මාසිකව ලබා ගන්නා ඉන්ධන ලීටර් ප්‍රමාණය අනුව ඉන්ධන ලීටරයක වෙළෙඳපොළේ මේ මොහොතේ පවතින මිල අනුව ඉන්ධන දීමනාව ඔවුනට ගෙවීම මේ දක්වා සිදුවූ නමුත් මන්ත්‍රීවරුන්ගේ මේ මාසයේ වැටුපට ඉන්ධන දීමනාව එකතු කර ඇත්තේ ඉන්ධන ලීටරයක පැරණි මිල අනුව බවද ඒ නිලධාරියා ප්‍රකාශ කළේය.
කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු වෙනුවෙන් මාසයකට ඉන්ධන ලීටර් 355ක් ලබා දෙන අතර යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකුට ලබා දෙන ඉන්ධන ලීටර් ප්‍රමාණය 600කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු කලාම මොකෑ සනුහරේටම කැන්ටිමේ නිකං වගේ කන්න දෙනවනේ ,එහෙන් ගන්නවා මෙහෙන් දෙනවා මිනිස්සු බඩගින්නෙ උන්ට රජ මගුල්
ඔය තියෙන්නේ ඉන්ධන වලට වෙන්නේ මොනවද කියලා.මේක විහින් කර ගත්ත දෙයක් .මේ කාලකන්නින්ට බලය දීලා
අපි මාසෙටම ගහන්නේ ලීටර් 30යි. ඒකෙන් තමයි මාසෙම බැලන්ස් කරගන්නේ. එහෙම කරගන්නෙත් පල්ලම්වල නියුට්‍රල් එකේ දාලා...