(ඉන්දිකා රාමානයක සහ යොහාන් භාසුර)
බන්ධනාගාරය තුළ දුරකතන භාවිතා කළ චෝදනාවට තිළිණි ප්‍රියමාලි නමැති සැකකාරිය අද (13) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
බන්ධනාගාර නීති රීති යටතේ තහනම් භාණ්ඩයක් වන ජංගම දුරකතනයක් සන්තයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඇයව කොළඹ අතිරේක දිසා විනිසුරු තුමා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ඒකනායක මහතා කීය.
පුද්ගලයන් රැසක ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මෙම 19 දක්වා රිමාන්ඩ් බාරයට පත්කර තිබුණි.
සැකකාරිය වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රක්ෂණ භාරයේ සිටියදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිළධාරිනියන් විසින් සැකකාරිය සන්තකයේ තිබි ජංගම දුරකථනයක් ඉකුත් (6) දින අත්අඩංගුවට ගන්නා ලදි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ කොලම් කාව රවට්ටන්නද
එක දුරකතනයට සති 2 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර එම දඬුවම වහාම ක්‍රියාත්මක කළා නම් මේ ප්‍රශ්න විසඳෙනවා
අනිත් අයටනම් මාංචු දානව, මෙයාට විතරක් විශේෂයක් නාමල් බේබිගෙ දන්න කෙනක් හින්ද ද?
ප්‍රියමාලි බන්ධනාගාරය ඇතුළට ගියා විතරයි මොබයිල් ෆෝන් ලැබුණා. බන්ධනාගාරයට යන ඕනෑම වරද කරුවෙක්ට මාංචු දානවා... උසාවියේ ඉඳලා හිරගෙට යනකම්ම... ඒත් ප්‍රියමාලිගේ මාංචු දාලා එක්කරගෙන යනවා ඔබලා දුටුවාද..? මෙහි විශේෂත්වය තමයි බලන්නකෝ හිරේ ඉඳලා යන ප්‍රියමාලි මූණට ලස්සනට මේකප් දාලා තොල් පාට කරගෙන හිරේට ඇතුල් කරපු දවසේ ඉඳලා තිබුණු විදියටම කොණ්ඩය ලස්සනට දාගෙන ඇවිදින ආකාරය කිසිම බියක් නැතිව.!
මහ බැංකුව කඩපු කෙනා නිදහස් වුනා, ශ්‍රී ලන්කන් එකෙන් ඩොලර් මිලියනයක් කොමිස් ගහලා අහුවෙලා ඉන්න අයට මුකුත් නැහැ.