
(ඉන්දිකා රාමනායක)
තිළිණි ප්‍රියමාලි නමැත්තිය සමග සමීප සම්බන්ධකම් පැවැත් වු බව කියන කොළඹ ප්‍රදේශයේ දේශපානයට සම්බන්ධ ප්‍රවීණ නළුවකුට සහ ඔහුගේ බිරිඳට ප්‍රකාශ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ ද ඔවුන් දෙදෙනා එහි නොපැමිණි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මීට දින කිහිපයකට පෙර ඔවුන් දෙදෙනා කැඳවා තිබු බවත්, ඔවුන් එහි නොපැමිණීම ට හේතුව මේ දක්වා ම දැනුම් දී නොමැති බවද එම ආරංචි මාර්ග පවසයි.
මෙම නළුවාගේ බිරිද ප්‍රභූන් නළු නිළියන් සමග සමීප සම්බන්ධකම් පවත්වන්නියක් වේ.
ඔවුන් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටියහොත් ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවන් ෂෙරින් වෙන කවුද ඉතින්.. මුන් අර රටක් වටිනා මැරිච්ච මනුස්සයාගේ නම කනවා.
ඔය ප්‍රභූන් නළු නිලියන් කියන වචන තුන එක වචනයකින් කියන්න බැරිද? පුළුවන්.
‘‘ඔයාට පුළුවන් නම් අල්ලගන්න‘‘ වගේ තමයි... තිළිණිගෙ වැඩ ගැන, වැරැදි දේට පාවිච්චි කරලා හොඳ දේට පාවිච්චි කළා නම් ඉතින් එලෝන් මස්ක් පරාදයි.
මේවැනි හොර, මැරකම්, ජඩකම්වලට විරුද්ධව නීතියෙන් පියවරක් ගැනීමට කටයුතු කිරීම වැදගත් දෙයක්. ඒත්, මේ රටේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන රටම හොරා කෑ දූෂිතයන් අල්ලා ගැනීමට කටයුතු කරන්න ආරක්ෂක ඇමැතිවරයාට, පොලිසියට, රහස් පොලීසියට නියෝග කරන්න පුළුවන් නේද? මහා හොරුන් අල්ලන්න බැහැ. ඒ ගැන වගේ වගක් නැහැ. වෙනවෙන දේවල් පෙන්නා මහා පරිමාණ කම්බා හොරුන් ගැන ජනතාවට කරුණු අමතක කරන්න. විශේෂ දේ ක්‍රියාත්මක වෙන බවයි පෙනී යන්නේ...
කොහොමත් තාත්තලා, අම්මලා, දූලා ඔක්කොම එකයි. හැබැයි හැබැයි මුකුත් වෙන්නේ නැහැ. අර ළඟදි අලියගෙන් පැනලා. ඊට පස්සේ ඊට පස්සේ ටෙලිෆෝන් එකට එකතු වෙලා ආයෙත් පොහොට්ටු ආණ්ඩු කරන පැත්තට පැන්නා. දැන් සැරිසරණ ඇමැති ඉන්නකන් නෝ ප්‍රොබ්ලම් නේද?