IMG-LOGO

ප්‍රියන්ත ඝාතනයේ නඩු තීන්දුව අද

පකිස්තානයේ ලාහෝර් නුවර ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු වූ  ශ්‍රී ලංකා ජාතික ප්‍රියන්ත කුමාර මහතාගේ මිනීමැරුම් නඩුවේ තීන්දුව අද(18) ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දිනපතා විභාගයට ගත් නඩුවේ පැමිණිලිකාර පාර්ශවය සහ විත්තිකාර පාර්ශවය තමන්ගේ තර්ක ඉදිරිපත් කර අවසන් අතර නිලධාරීන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ද  සටහන් කර අවසන් බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

ගිය වසරේ ප්‍රියන්ත කුමාර මහතා (48)  පකිස්තානයේ සියල්කොට් නුවරදී අමානුෂික ලෙස ඝාතනය විය.නඩු විභාගය නතාෂා නසීම් විනිසුරුවරිය යටතේ විභාග වූ අතර එහිදී ඇසින් දුටු සාක්ෂිකරුවන් 46 දෙනෙක්ගෙන් ප්‍රකාශ,සී.සී.ටී.වී කැමරා 10 ක දර්ශන,චුදිතයන් 55 දෙනෙකු ගේ  ජංගම කැමරා වල ගබඩා වී ඇති දර්ශන අධිකරණය විසින් ලබා ගෙන ඇත.

මෙම නඩු විභාගයේදී පුද්ගලයින් 89 දෙනෙකුට චෝදනා ගොනු කර ඇති අතර ඉන් නව දෙනෙක් බාලවයස්කරුවන් බව බලධාරීහු ප්‍රකාශ කළහ.

034



අදහස් (0)

ප්‍රියන්ත ඝාතනයේ නඩු තීන්දුව අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 797 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1210 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site