
(ඩයනා උදයංගනී)
මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට විරෝධය පා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්ව ගියහ.
එම මන්ත්‍රීවරු ප්‍රේමලාල් ජයසේකර මහතා දිවුරුම් දීමට විරෝධය පා සභාවට පැමිණ සිටියේ ද කළු පැහැ සාටක පැළඳගෙනය.
ඔවුන් පැවසුවේ එම දිවුරුම්දීම නිත්‍යානුකූල නොමැති බවයි.



( ඡායාරූප ළහිරු හර්ෂණ )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම නියම වුණු චූදිතයෙක් සැලකෙන්නේ දේශද්‍රෝහියෙකු ලෙසයි. එවැනි කෙනෙකුට ඡන්ද අයිතිය බවා නොමැත.
පොහොට්ටුවේ කෙනෙක් වුනත් පිළිනොගන්නා කාරණාවක්, මොනා කරන්නද.?
ආණ්ඩුවේ මුල්ම අනාගැනිල්ල...
ජනාධිපතිතුමනි... නීතියේ යම් අඩුපාඩුවක් නිසා, මරණයට නියමවුණු මේ කාලකණ්නි මන්ත්‍රීට පාර්ලිමේන්තු එන්න වරම් ලැබුණාට. ඔබේ පාර්ලිමේන්තුවේ මෙවැනි අපරාධකාරයෙක් ඉන්න එක හිරිකිතයි. එය ඔබේ වැරැද්දක් නොවූවත්, ඔබේ නාමය බේරාගන්න කරුණාකර මේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහෝසි කරන්න. නැතිනම් මෙහි අපකීර්තිය ඔබේ ගිණුමටයි බැර වෙන්නේ.. ඔබට ඡන්දෙ දුන්නු අයෙක් හැටියට මොහු පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැන ඇත්තටම ලැජ්ජයි...
රටේ අධිකරණයෙන් පෝරකයට නියම කරන කෙනෙක්ව ඒ රටේම අභියාචනාධිකරණයේ ඒ කෙනාවම පාර්ලිමේන්තුවට යන්න නියම කරනවා.
අශිෂ්ඨයින්ගේ දේශයේ මිනීමරුවෙකු රජකමට පත් වුවද එය පුදුම විය යුතු කාරනාවක් නොවෙයි. ඒ අමනයින්ගේ සමාජයේ සැබෑ උගත්, බුද්ධිමතුන්ට තැනක් නොමැත. නමුත්, උගත් යයි ලේබලයක් අලවාගෙන සිටින තක්කඩි රැලක් හා ඇඟේ පතේ හා කටේ හයියෙන් කරලියේ වැජබෙන අධම මදාවියන් විසින් අම්බරුවන් පාලනය කරන ගෝත්‍රික සමාජයකි.
හලෝ ඔබලාට තේරෙනවා නේද මෙතන නීතියේ අඩුපාඩුවක් තියෙනවා. මරණීය දණ්ඩනය නියම වුණු කෙනා අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් රිමාන්ඩ් වන බව. නීතියේ ධුරවල තැන වෙනස් කරගන්නවා. අභියාචනා තීන්දුව ලැබෙනතුරු පහළ උසාවි තීන්දුව වලංගු වෙන්න නීති ගෙනෙන්න. හිසේ ඇම්මට කොට්ටේ මාරුකරලා වැඩක් නැහැ.
කනට දෙකක් ගහන්න එකෙක් හිටියෙ නෑනේ. ඇයි ඒ?.. මෙහෙම එකෙක් පාර්ලිමේන්තුවේ ඉද්දි අනිත් එවුන්ගේ වැරදි නිකම්ම යට, ඒකයි. නැත්තං දැක්කනේ, පහුගිය කාලේ තමන්ට අවාසි වෙන දේවල්වලට මරාගත්ත හැටි, පක්ශ විපක්ෂ බේදයකින් තොරව, කාලකන්නි...