
(රංජිත් රාජපක්ෂ,ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන්)
රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑලියෙදි බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමග නුවරඑලිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය.
ප්‍රේමලාල් ජයසේකර පවුලේ ඥාතීන් සමග නුවරඑලිය ප්‍රදේශයට පැමිණ ඇති බවත්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් නුවරඑලියේ සංචාරයක් සදහා පැමිණි පිරිසක් සමග ඇති වුයේ යැයි කියන බහින් බස්වීමක් දුරදිග යෑමේන් පසු ප්‍රේමලාල් ජයසේකර මහතා සිය අතැති පිස්තෝලය පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට නුවරඑලිය පොලිසියට ලද පැමිණිල්ලක් මත නුවරඑලිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර ප්‍රේමලාල් මහතා ඇතුල පොලිස් නිළධාරින් පිරිසක් ප්‍රේමලාල් ජයසේකර මහතාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රේමලාල් ජයසේකර මහතා සතුව තිබි අත්අඩංගුවට ගත් පිස්තෝලයට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් කල් ඉකුත් වී ඇති බවත්, සැකකරු නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නුවරඑලිය පොලිසියේ එම උසස් නිළධාරියා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලින් මිනී මරලා හිරේ ගියා. මහින්දයා නිදහස් කරපු එකා.
මේ මිනිමරුවෙක්, එල්ලුම් ගහට නියම වෙලා හිටපු කෙනෙක්, ඔන්න පසුගිය කාලේ බලයේ හිටපු අයගේ වැඩ, නිදොස් කොට නිදහස්
කලින් මිනී මරපු එකානේ දැන් එලියෙ හිටියට
බලය නැතිව ඉදිද්දීත් මේ වගේ මැර වැඩ කරනවානම්, කොහොමද මේ වගේ මැරයෝ බලයේ හිටියනම්? මහින්දලා හැදුවේ මේ වගේ මැරයෝ තමයි! එහෙම නැත්නම් හොරු.
පව් අහිංසකයා, පොඩි කාලේ ගොඩක් සොකලට් කාපු හින්දා චොකා මල්ලි කිව්වනේ මෙයාට
මම හිතාගෙන හිටියේ මේකාව එල්ලුව කියල.මුව මැරෙනකම් කකුල් දෙකෙන් එල්ලලා , ඔළුවට දිමි ගොටුවක් දාලා තියන්න ඕනා.
ඔය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලිට මිනීමැරුම් චෝදනා එල්ල වුනේ දැනට වසර 10 කට පමණ පෙර , ඉන්පසු ඔහු එල්ලුම් ගහට නියම වුන මෙවැනි පුද්ගලයෙකුට 2025 දක්වා වලංගු ගිනි අවි බලපත් නිකුත් කල නිලධාරීන් කවුද කියා සොයා බලන්න ඕනේ , වහාම ඔවුන්ග්ගේ වැඩ තහනම් කර කඩිනම් පරීක්ෂණයක් කර වැරදි කරු නම් සේවයෙන් නෙරප විශ්‍රාම වැටුප් පවා තහනම් කරන්න ඕනේ , මිනිස්සු මලිමවට චන්දෙ දුන්නේ මෙවැනි නීති විරෝධී වැඩ කරන නිලධාරීන්ට දඩුවම් කරන්න මිසක් වෙන මගුල් වලට නොවේ , මොන ආණ්ඩු තිබුනත් කවුරු බලයේ සිටියත් ගිනි අවි බලපත්‍රයක් දෙන කොට පුද්ගලයාගේ කරට්ටුව බලන්න බලන එක නිලධාරීන්ට නීතියෙන් අනිවාර්ය කරලා තිබෙනවා , පිස්තෝලයක් සදහා බලපත්‍රයක් දෙනවා කියන්නේ වගා හානි අවම කරගන්න වග හිමියෙකුට දෙන ෂොට් ගන් බලපත්රේට වැඩිය බරපතල කාරණයක් මොහු රටේම ප්‍රසිද්ධ අපරාදකාරයෙක් , ගිනි අවි බලපත් වසරින් වසර අලුත් කරන්න ඕනේ බලපත්‍රය 2025 කල් ඉකුත් වුන කියන්නේ මොහුට එම බලපත්‍රය නිකුත් කරලා තිබෙන්නේ 2024 දී , මේක සොයන්න , කරුණාකර මාධ්‍ය මේ පිළිබඳව විමසිල්ලෙන් ඉන්න
පෙර කල මිනී මැරුම් වලට වරද කාර්ය වී මරණීය දණ්ඩනය දීල තිබුන මෙයා ගෝටා විසින් නිදහස් කළා. තාමත් මිනී මැරීමේ ආසාව අත්හැරලා නෑ.
ඔවුන් කිසි විටෙකත් තම නින්දිත ක්‍රියාකාරකම් අත් නොහරිනු ඇත.
නිවිතිගල ප්‍රාදේශීය සභා නියෝජිතයෙක් හැටියට හිටපු අසූගණන්වල රත්නපුර නගරයේදී මහදවල් එවකට ඇමති ගාගාමිණී අතුකෝරළට වෙඩිතියන්න ගියෙත් මේකම කියල මතක්වුනා