(රංජන් කස්තුරි)
ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රමිතයෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක මිලදී ගැනීම ජනාධිපති කාර්යාලය මගින් නතර කර තිබියදීත් නැවත ඒවා මිලදී ගැනීමට වෛද්‍ය සැපයුම් අංශය කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.
දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක අවශ්‍ය තරම් වෛද්‍ය සැපයුම් අංශය සතුව තිබියදීත් ප්‍රමිතියෙන් තොර පටි සහ මාපක මිලදී ගැනීම පිටුපස මහාපරිමාණ මූල්‍යවංචාවක් තිබෙන බවට සැකකරන බවද එම ආරංචි මාර්ග කියයි.
ඉන්දියානු සමාගමකින් ප්‍රමිතයෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර අවස්ථා කීපයකදී උත්සාහ ගත් අතර ඒ පිළිබඳව විවිධ පිරිස් චෝදනා කිරීම නිසා ජනාධිපති කාර්යාලය මැදිහත්වී පරීක්ෂණයක් පවත්වා ඒවා මිලදී ගැනීම නතර කර තිබිණ.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් කෝටි 38 ක පමණ මුදලක් වැය කර ප්‍රමිතයෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර සූදානම් වූයේ ඖෂධ අධිකාරියේ ලියාපදිංචියක් වත් ලබාගෙන නොමැති සමාගමකිනි.
දියවැඩියා පරීක්ෂණ පටියක් රුපියල් 15 ක වැනි මිලකට මිලදී ගැනීමට හැකි වුවත් ප්‍රමිතයෙන් තොර පරීක්ෂණ පටියක් එවර රුපියල් 85 ක් වැනි වැඩි මිලකට මිලදී ගැනීමට සැලසුම් කර තිබිණ.
කෙසේ වෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙවර එම පටි සහ මාපක මිලදී ගැනීමට තාවකාලික අවසරයක් ලබාදී ඇතැයි ද කියති.
වෛද්‍ය සැපයීම් අංශයට ඉකුත් දිනවල ටෙන්ඩර් පටිපාටිය යටතේ දියවැඩියා පරීක්ෂණ පටි ලක්ෂ 10 ක් සහ මාපක 5000 ක් ලබාගෙන ඇති අතර මේවන විට ඒවායේ හිඟයක් නැති බවද පැවැසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යට තට්ටුවට එබිලා බලපු ඇමතියා කරන දක්ෂකමක් වගේද?