IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පාරමී වසන්තිට මොරටුවෙන් නිවසක්

 

ආර්ජන්ටිනාවේදී  පැවැති යොවුන් ඔලිම්පික්  ක්‍රීඩා  උළෙලේදී   මීටර්  2000  බාධක   දිවීමේ  තරඟයෙන්  ලෝකඩ  පදක්කම  දිනාගත් මලල කී‍්‍රඩිකා පාරමී වසන්තිට ලක්ෂ 30 ක් පමණ වටිනා  නිවසක් පිරිනමන ලදි.

 බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු  අමාත්‍යාංශයේදී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (26) පෙරවරුවේදී මෙම නිවස ඇයට පරිත්‍යාග කරන ලදි. 

හලාවත ප‍්‍රදේශයේ කී‍්‍රඩිකාවක් වන පාරමී වසන්ති  ක්‍රීඩිකාවගේ පුහුණුවීම් සාර්ථකව කරගෙන සඳහා  මොරටුව, අඟුලාන ප‍්‍රදේශයේ පිහිටි ‘සයුරුපුර’ නිවාස  සංකීර්ණයේ  නිවසක් ඇයට පරිත්‍යාග කෙරිණ.

පාරමී වසන්ති ජාත්‍යන්තර  මට්ටමේ ජයග‍්‍රහණ  ලබාගනිමින්   ලංකාවට  කීර්තියක්   ගෙනදුන්  මළල ක්‍රීඩිකාවකි. 

මෙම  අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන  හෙක්ටර්  අප්පුහාමි සහ ශාන්ත  අබේසේකර යන මහත්වරු ද  පාරමී වසන්තිගේ  මව වන එම්. රීටා  මාග‍්‍රට් මහත්මිය ද පියා වන කේ. එම්. අන්තෝනි තියර්ඩෝර් මහත්මයා සහ පුහුණුකරු වන ජනිත ජයසිංහ යන මහත්වරු  ඇතුළු පිරිසක් සහභාගි වූහ. 


(ඡායාරූප  -  චතුර එස් .කොඩිකාර)



අදහස් (9)

පාරමී වසන්තිට මොරටුවෙන් නිවසක්

menna Wednesday, 26 December 2018 12:58 PM

පාරමී කී‍්‍රඩිකාවට සුභ පතනවා. මෙතුමා කියනවා ක්‍රීඩකයින්ට දේශපාලකයන් ගාවට නොඑන වැඩ පිළිවෙලක් ගේනවා කියලා. වැඩේ වෙනවා නම් අපි අදහසට කැමතියි.

:       53       223

Shiva Wednesday, 26 December 2018 01:38 PM

සජිත් මහතා නැත්නම් පාරමීට මෙම නිවස ලැබෙන්නේ නැහැ. මොකද විමල්ලා ගෙවල් දුන්නේ පව්ලේ කට්ටියට විතරනේ...

:       171       586

akila Wednesday, 26 December 2018 01:44 PM

අපෝ මොරටුවේ හරියට පාතාලයෝ ඉන්නවා...

:       22       39

anura L S Friday, 28 December 2018 03:39 AM

සර්ව අසුබවාදී මනස රටට සෙතක් නොවේ.. මොරටුවෙන් ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරුවන් බිහිවන ස්ථානයක්.. එය මොරටුව සරසවියයි. ඔබ අද ලෝකයේම භාවිතාවන රෝද දෙකේ අත් ට්‍රැක්ටරය බිහිකළ රවී විජේවර්ධනයන් බිහි වුනේ මොරටුව සරසවියෙන් විදුලි මෝටර් රථය අත්හදා බැලුවේ 1977.. මොරටුවේ මහාචාර්ය පීඒඩී සිල්වා සහ සිසු පිරිස...

:       0       0

Raveendra Wednesday, 26 December 2018 01:50 PM

මේ දරුවා රටට සම්පතක් මැයට (මැයට පමණක් නොව මෙවන් දරුවන්හට) අවශ්‍ය පහසුකම් ලබාදීම රජයේ වගකීම මෙන්ම යුතුකමය. " මහජන මුදල් වලින් " මෙසේ ඇයට නිවසක් ලබාදීමට කටයුතු කල මෙම මහජන නියෝජිතයාගේ ක්‍රියාව අප හදවතින්ම අගය කරන්නෙමු..

:       0       276

pradeep Wednesday, 26 December 2018 07:14 PM

මේ දරුවාගේ දක්ෂතාවයට සැලකීම ගැන සතුටුයි. රටෙන් ඔබට යුතුකම් ඉටුවුණේ නැහැ කියලා අනාගතයේදී කවදාවත් රටට දොස් කියන්න එපා. රටේ මිනිසුන් සියල්ල වෙනුවෙන් තමයි රජයෙන් මෙය දීලා තියෙන්නේ. ඔබ තව තවත් දිරිමත් වේවා දුවේ.

:       0       70

RaveendraThursday, 27 December 2018 07:14 AM

සහතික ඇත්ත. අප උපන් මාතෘභූමියට හැමවිට අවංක වෙන්න පුතේ. එවන් පුරවැසියන්ට කිසිදින වැරදුනෙත් නැත වරදින්නෙත් නැත.

:       0       70

chandima Thursday, 27 December 2018 05:38 PM

අම්මේ, මෙච්චර ගානක් අතින් වියදම් කරලා ගෙයක් හදලා දුන්නද? ඇස් අදහා ගන්නත් බැහැ.

:       0       1

ase Friday, 28 December 2018 04:16 AM

සති දෙකකින් අමතක නොකොට මේ දරුවාගේ පුහුණු කටයුතු නිසි ලෙස කර ගැනීමට බලධාරින්ගේ අවදානය සහ උපකාර ලැබෙවා !!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site