(යොහාන් භාසුර)
අයර්ලන්තයට එරෙහිව ගාල්ලේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට අද (28) පෙරවරුවේ සමත් විය.
ප්‍රභාත් ජයසූරිය වසර 71 ක් පැරණි වාර්තාවක් බිඳදැමීම මෙහිදී කැපී පෙනේ.
ප්‍රභාත් අද පෙරවරුවේ පෝල් ස්ටර්ලිං තෙවැනි කඩුල්ල ලෙස දවාගනිමින් 50 වැනි කඩුල්ල සම්පූර්ණ කළේය.
ප්‍රභාත් මේ වන විට ටෙස්ට් තරග 7 කදී කඩුලු 50 සම්පූර්ණ කළ අතර මීට පෙර බටහිර කොදෙව් හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ඇල්ෆ් වැලන්ටයින් 1951 වසරේ ඔහුගේ අටවැනි තරගයේදී කඩුලු 50 සම්පූර්ණ කරමින් එහි පැරණි වාර්තාවට හිමිකම් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්
Siri Friday, 28 April 2023 01:59 PM
ස්කොට්ලන්තය සහ වේල්ස් කියලත් ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලම් කරන රටවල් දෙකක් තියෙනවා. ඒ ගොල්ලන්ගේ කණ්ඩායම් ලංකාවට ගෙන්වාගෙන ටෙස්ට් තරඟ සංවිධානය කළොත් අපේ කණ්ඩායම ලෝකයේ පලවෙනි තැනට ගන්නත්, ක්‍රීඩකයින්ට තවතව ලෝක වාර්තා පිහිටුවන්නත් පුළුවන් වේවි. පොඩ්ඩක් හිතලා බැලුවොත් නරකද? දෙයියෝ පස්සේ වැඳ වැඳ යන්න අවශ්‍ය වෙන එකකුත් නෑ.
නිහාල් Friday, 28 April 2023 02:34 PM
දැනගන්නයි අහන්නේ... ඔය රටවල් දෙක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනවාද?
SiriSaturday, 29 April 2023 12:38 AM
ස්කොට්ලන්තයටයි, වේල්ස් වලටයි ටෙස්ට් වරම් දිනාදෙන්න සටනක් ගෙනියන්න කියලා එංගලන්තයට බලකරමු. එතකොට වැඩේ හරියයි.
Sampath Friday, 28 April 2023 03:49 PM
ස්කොට්ලන්තයටයි වෙල්සයටයි ටෙස්ට් වරම් තියෙනවද?
Megha Anuranga Friday, 28 April 2023 02:58 PM
එක්දින තරගය මීට වෙනස් වෙන්න පුළුවන්... අයර්ලන්තය ටෙස්ට් තත්ත්වය Test Status ලබාදීම ඔවුන්අට අනුව අසාධාරණයි.
Lakmal Sanjeewa Friday, 28 April 2023 04:27 PM
ප්‍රභාත් ජයසූරිය විකට් 50 ගත්තේ අයර්ලන්තයට එරෙහිව නොවේ...
rasanna Friday, 28 April 2023 06:51 PM
දැන් මේගැන සතුටු වෙන්නේ නැතුව, විවේචන කරමින් කුහකයින් විදිහට හැසිරෙන අය ඉන්නවද? මොන රටේද?
හේමන්ත Friday, 28 April 2023 08:29 PM
Siri. මොලේ අසුචි ද? කුහක වෙන්නේ නැතුව සතුටු වෙනවා හලෝ...!
SiriSaturday, 29 April 2023 12:33 AM
දුර්වල, අත්දැකීම් නැති කණ්ඩායමකට පැල් බැඳගෙන පහර දෙන එක හුරේදාන්න තරම් වටිනා ලොකුකමක් නොවේ. මතක නැද්ද ඊයේ පෙරේදා වගේ දවසක පළපුරුදු නවසීලන්තයේදී කාපු පරිප්පුව? ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දක්ෂතාවය වෙනුවට ගෝත්‍රික සම්බන්ධතා අනුව ක්‍රීඩකයින් තෝරාගන්න තැනට ඇද දමලා කියලා කියන්නේ අපි නොවේ. ක්‍රිකට් ගැන යමක් කමක් දන්නා අයයි හලෝ.