
(යොහාන් භාසුර)
අයර්ලන්තයට එරෙහිව ගාල්ලේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට අද (28) පෙරවරුවේ සමත් විය.
ප්‍රභාත් ජයසූරිය වසර 71 ක් පැරණි වාර්තාවක් බිඳදැමීම මෙහිදී කැපී පෙනේ.
ප්‍රභාත් අද පෙරවරුවේ පෝල් ස්ටර්ලිං තෙවැනි කඩුල්ල ලෙස දවාගනිමින් 50 වැනි කඩුල්ල සම්පූර්ණ කළේය.
ප්‍රභාත් මේ වන විට ටෙස්ට් තරග 7 කදී කඩුලු 50 සම්පූර්ණ කළ අතර මීට පෙර බටහිර කොදෙව් හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ඇල්ෆ් වැලන්ටයින් 1951 වසරේ ඔහුගේ අටවැනි තරගයේදී කඩුලු 50 සම්පූර්ණ කරමින් එහි පැරණි වාර්තාවට හිමිකම් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්කොට්ලන්තය සහ වේල්ස් කියලත් ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලම් කරන රටවල් දෙකක් තියෙනවා. ඒ ගොල්ලන්ගේ කණ්ඩායම් ලංකාවට ගෙන්වාගෙන ටෙස්ට් තරඟ සංවිධානය කළොත් අපේ කණ්ඩායම ලෝකයේ පලවෙනි තැනට ගන්නත්, ක්‍රීඩකයින්ට තවතව ලෝක වාර්තා පිහිටුවන්නත් පුළුවන් වේවි. පොඩ්ඩක් හිතලා බැලුවොත් නරකද? දෙයියෝ පස්සේ වැඳ වැඳ යන්න අවශ්‍ය වෙන එකකුත් නෑ.
එක්දින තරගය මීට වෙනස් වෙන්න පුළුවන්... අයර්ලන්තය ටෙස්ට් තත්ත්වය Test Status ලබාදීම ඔවුන්අට අනුව අසාධාරණයි.
ප්‍රභාත් ජයසූරිය විකට් 50 ගත්තේ අයර්ලන්තයට එරෙහිව නොවේ...
දැන් මේගැන සතුටු වෙන්නේ නැතුව, විවේචන කරමින් කුහකයින් විදිහට හැසිරෙන අය ඉන්නවද? මොන රටේද?
Siri. මොලේ අසුචි ද? කුහක වෙන්නේ නැතුව සතුටු වෙනවා හලෝ...!