
(යොහාන් භාසුර)
ඉන්ධන, ගෑස් මිල සහ විදුලි ගාස්තු පහළ දැමීමට සමගාමීව භාණ්ඩ හා සේවාවල මිල පහළ දමා පාරිභෝගිකයාට සහන සැළසීමට අවශ්‍ය මැදිහත්වීම කරන බවත් ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් එම අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා අද (17) පැවසීය.
ඒ අනුව දිවයිනපුරා හෝටල් සහ ආපනශාලා ඇතුළු සෙසු වෙළෙඳසැල් අඛණ්ඩව පරීක්‍ෂා කිරීමටත්, භාණ්ඩ හා සේවාවල මිල ගණන් සහ මිල ප්‍රදර්ශනය පිළිබඳව විශේෂ අවධානය යොමුකර වැටලීම් ක්‍රියාත්මක කරන බව ද උඩුවර මහතා සඳහන් කළේය.
ඉන්ධන, ගෑස් සහ විදුලි ගාස්තු පහළ දැමීමට රජය කටයුතු කළ ද ඊට සාපේක්‍ෂව භාණ්ඩ හා සේවා මිල පහළ නොදැමීම පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
චන්ද ගුණ්ඩු !!! මෙච්චර කාලයක් මිනිස්සුන්ව පිඩාවට පත්කරලා ,චන්දෙ කාලේ ආපුගමන් උඹලාට ඇහැරුනාද ? කවුද කිවේ ඕවා කරන්න කියලා ? කාලකන්නි හැත්ත. මිනිස්සුන්ව රවට්ටන්න බැහැ දැන්.
චන්දෙ ලං වෙද්දී මිනිස්සුන්ව මතක් වෙන තරම