
(කාංචන කුමාර ආරියදාස)
මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉතා සූක්ෂම ලෙස ඇසුරුම් කරමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ සොයාගත් බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක දොරගුළු දමා කම්කරුවන් යොදාගෙන මෙම ක්‍රියාවලිය සිදුවන බවට නගරාධිපති ජාලිය ඕපාත මහතාට නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයකු ලබා දුන් තොරතුරක් මත නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවව මෙම සීනි තොගය සහ වෙළඳසැල් හිමිකරු පිළිබඳව දඹුල්ල පොලිසියට පැමිණිලි කිරිීමට පියවර ගෙන තිබුණි.
ඉදිරි නත්තල හා උත්සව සමයේ මෙම සිනි තොග රට පුරා පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමේ කූට වෙළෙදුන් ඉතා පහත ක්‍රියාවලියක නිරතවී සිටි බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය .
රටේ සිනි හිගයක් පැවති වකවානුවේ සඟවා තිබූ මෙම සීනි මීයන් සහ වෙනත් සතුන් විසින් විනාශ කොට මේවායේ ඇසුරුම් සියල්ල දිරා ගොස් තෙත බරිත හා අව පැහැ ගැන්වී ඇතැම් සීනි මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව තිබූ බව ජාලිය ඕපාත මහතා පැවසීය.
ඉන්දියාවෙන් ගෙන්වා තිබු සීනි තොග ඩුබායි රටෙන් ආනයනය කළ බවට පවසා ඇති
මෙම සීනි තොග බිම දමාගෙන කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකින් තොරව නැවත ඇසුරු කරමින් සිටි බව නගරාධිපතිවරයා ජාලිය ඕපාත මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට සීනි දාලා වෙඩි තියන්න ඕනෑ කුඹි කාලා මැරියන් කියලා...
"මම තමයි ඔක්කොම කෙරුවේ" .කියන අයට අපහාසයක් වෙයිද?
මෙවැනි ජරා වැඩ කරන සහ එව්වාට හවුල්වෙන අයගේ පවුල්වල අය, කිසිම ලෙඩක්, දුකක් නැතිව යහතින් ඉන්නවද දන්නේ නැහැ...?