(සුජිත් හේවාජුලිගේ)
පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතාට දුරකතන මාර්ගයෙන් විවිධ තර්ජන එල්ල වෙමින් ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ගුණවර්ධන මහතා පැවසූවේ සිය ජංගම දුරකතනයට "වට්ස් අප්" පණිවිඩ ඔස්සේ විවිධ තර්ජන කිරීම් දිගටම කෙරෙන බවයි.
" ඉදිරියේදී බලාගමු" , "පරිස්සම් වෙන්න"යනාදි වශයෙන් මෙලෙස තර්ජනය කිරීම් කෙරුණු බවද මේ තර්ජන කිරීම් සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවද තුෂාන් ගුණවර්ධන මහතා පැවැසූවේය.
මේ අතර තමා ජනාධිපතිවරයා ළඟදීම හමුවී සතොස දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා හමුවීමට දැනටමත් දිනයක් ඉල්ලා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
සතොස දූෂණ වංචා රැසක තොරතුරු ඇතුළත් ලිපිගොනු රැසක් තමා ළඟ ඇති බව පැවසූ ගුණවර්ධන මහතා සතොස ආයතනවල තේ පානයට පමණක් මාසයකට රුපියල් ලක්ෂ 30කට වැඩි මුදලක් වැය කෙරෙන බවද පැවසුවේය.
සමහරුන්ට තේ පානය සඳහා චීස් පවා අවශ්‍ය කෙරෙන බව ඔහු සඳහන් කළේය.
එසේම සතොස ආයතන සතු වාහන විශාල ප්‍රමාණයක් නිකරුණේ ගාල් කර තිබියදී පිට වාහන රැසක් කුලියට ගෙන ඇත්තේ කාගේ වුවමනාවට දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කිව්වා කියලා වැඩක් වෙන්නෙ නෑ මහත්තයෝ. හොරාගෙ අම්මගෙන් පේන අහල වැඩක් නෑ. පුළුවන් විදියට දරු පවුලත් එක්ක මේ ගොඩ ගන්න බැරි රටෙන් ඉක්මණට පිට වෙන්න. අඩුම දරුවන්ට හරි අනාගතයක් තියේවි.
මෙතුමාට එන තර්ජන ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකිය. නමුත් සතොස වංචාගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට තවමත් නොහැකි වී ඇත.
මෙයා දැන් වර්ණපාල න්‍යාය දානවද කියල හිතෙන්නේ අපටම පමණක්ද ?
ළඟදීම සුදු වෑන් එක එවයි.
සරණාගත වීසා හදන්න කරන උත්සාහයක්... කොහේ ගියත් ලංකාවේ වගේ අයිස් ගහලා පඩිගන්න බෑ...
උඩ කමෙන්ට් දාපු ළමයි දෙන්නා මෙහෙයවන්නේ පොහොට්ටු බෝයිස්ලා කියලා දැනෙනවා. නැත්තම් මෙච්චර ලොකු සංගෙඩියක් වෙලා තිබියදීත් මේ මනුස්සයගේ අඩුපාඩු හොයන එක ගැන මට පුදුමයි. හැබැයි ඔහේලගේ දේවල් ඉක්මණින් ගෙවිලා යන බව හිතාගන්න...
බොහෝ රාජ්‍ය ආයතනවල පවතින වංචාව සහ දූෂණය නිමා කළ හැකි තත්ත්වයක් පෙනෙන්නට නැත. ජනතාව සිටින්නේ මීට විසදුමක් බලාපොරොත්තුවෙනි.
දිනයක් ඉල්ලුවත් හම්බ වෙන්නේ නෑ. හොරාගෙ අම්මාගෙන් පේන අහන්න යන්නේ එහෙම වුණොත්...
මේ රටේ මිනිස්සු පුදුම නිද්‍රාශීලී කොටසක්... තමන්ගේ අයිතිවාසිකම්, යුතුකම් මොනවද කියලා හඳුනන්නේ නෑ... කොපමණ දේවල් කළත් තමන්ගේ මුදල් කියලා තේරෙන්නේ නෑ.. ඒ නිසා මේක ලෝකෙන් උතුම් රට කියන සීතාම්බර සළුවෙන් වහපු හොරුන්ගේ පාරාදීසයක්... එක හොරකමක් හෝ හෙලිකළ ඔබ සැබෑ දේශහිතෛෂියෙක්...
මෙච්චර කාලෙකට එහෙම තර්ජනය කරලා කරපු මගුලක් නැහැ.. බය නැතුව ඉන්න... තර්ජන ආපු දුරකථන අංක මාධ්‍ය ආයතනවලට දෙන්න.