(මහින්ද නිශ්ශංක)
පරිප්පු සහ ටින් මාලු සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ උපරිම සිල්ලර මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉකුත් 30 වැනිදා සිට ඉවත් කර තිබේ.
පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 65කද, ග්‍රෑම් 425ක මාලු ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 100ක් වශයෙන්ද ඉකුත් මාර්තු 17 වැනිදා සිට ගැසට් නිවේදනයක් මගින් නියම කර තිබේ.
COMMENTS
වැඩේ නාන්න හදන්නේ...
දැන් ඉතින් හිතුන හිතුන ගණන්වලට විකුනන්න පුළුවන්.
දැන් සැපද?
අනේ මෙහෙමත් රටක්...
ඒක හොඳයි, අපිට ඇති වෙලා කාලම...
බොර තෙල් මිල වැඩි උනේ ඒකයි.
ගනං අඩු කලේ නම් ජාතිය ඇමතීමකින්. ඒ උනාට ගනං වැඩි කරන්නේ ගැසට් නිවේදනයකින්. අනේ මන්දා මටත් නිකං කොරෝනා වගේ! .
පරිප්පු-ටින් මාලුවල මිල අඩුකලෙ ඉන්ධන මිල අඩුවිමෙ වාසිය ජනතාවට දෙනවා කියලානෙද. දැන් ඉන්ධන මිල තවත් පහල වැටිලා තියෙන්නෙ. අනික ජනාධිපති විසින් ජාතිය අමතලා රටට දිපු සහන නිකම්ම අහොසි කලේ කවුද?
මෙච්චර දවස් පරිප්පු කොහෙවත් හොය ගන්න තිබුනෙ නෑ. ඊයෙ ඉදන් තියෙනවා. මුදලාලිලා හංගලා තියා ගෙන තිබිලා තියෙන්නේ.
මෛත්‍රී යළි එන්න.
එතකොට, දැන් තෙල් මිල අඩු කරයි නේද ?
එහෙම උපරිම සිල්ලර මිලට ගත්තු අය ඉන්නවා නම් කියන්න බලන්න... මම මේ දක්වා එහෙම මිළට ඕවා තිබ්බා කියලා දැක්කෙත් නැ දන්නෙත් නැ...
පාලන මිල දැමීමෙන් බලධාරීන් සත්‍ය නොදන්නා බව තහවුරු උනා. මීට පස්සෙවත් යමක් කරනකොට හරියට කරන්න ඉගෙන ගන්න.
චන්දෙන් පස්සෙත් ඕව ඉතින් තව නැගී, ඊට පස්සේ 10000 හරි දෙයිද දන්නේ නැහැනේ?
එහෙනම් ඒ ගොල්ලන්ට ජරාවක් ලැබිලා ඇති ආනයනය කරන මාෆියාගෙන්.
බොරු වැඩක්...අපි නම් දැක්කේ නැහැ ඔය මිලට සැමන් සහ පරිප්පු...
කවුද මේවාට පාලන මිළ පැනවුයේ ? ජනාධිපතිද, අගමැතිද ? කවුද, මොකොද මේ පාලන මිළ ඉවත් කරේ ? ජනාධිපතිවරයා "ජාතිය" අමතා කිවුවේ මොනාද කියා දැන් ජනතාව නිතර නගන ප්‍රශ්නයක්. දැන් ඉතින් ආයෙමත් හැමෝටම සහන මල්ලක් දෙන්න වෙයි, මහ චන්දෙත් අත ළඟ එන නිසා. එහෙම නැති උනොත් කන්න වෙන්නේ පරිප්පුම තමා. ඒක වෙන්නේ කාටද කියා තීරණය කරන්නෙත් ජනතාවම තමා ඉතින් !!!
චන්දෙ තියයි කියලා අඩුකළා.. චන්දෙ කල්ගිය හින්දා වැඩිකළා...චන්දෙ ළං වෙනකොට ආයෙ අඩුකරයි...චන්දෙ ඉවර වෙනකම්...
හොඳ වැඩේ. ඔය බම්බුව ගන්න තමයි පෝලිමේ ඉන්නේ. ලෙඩ හදා ගන්න.
පරිප්පු සැමන් රු 65/= , 100/- ට දෙන්න කියා මහජනතාව ඉල්ලුවේ නැහැ. ඒවා ඔය මිලගණන් වලට දෙන්න බැරි බව කාටත් තේරෙනවා. ඔය ගණනට විකුණන්න මිල තීරණය කළේ කවුද? ඔහු හිතාමතාම ජනාධිපතිවරයා අප්‍රසාදයට පත් කිරීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක් දැයි සැකයක් ඇතිවේ. ඒ වගේම දේශීය කිරිපිටිවල මිල වැඩි කරන්නේ මන්ද? ඒවා ආනයනය කරන භාණ්ඩ නොවන නිසා ආනයන බදු නැත. එසේ තිබියදීත් දේශීය කිරිපිටි මිල වැඩි කිරීමෙන් පාරිභෝගිකයා එම භාණ්ඩ මිලදී ගැනීම නතර කරනු ඇත. පාරිභෝගික අධිකාරියට අවශ්‍යවී තිබෙන්නේ දේශීය කිරිපිටි අලෙවිය අඩුකර විදේශීය කිරිපිටි අලෙවිය වැඩි කිරීමටද? ඉතින් කොහොමද රට සංවර්ධනය කරන්නේ? කුමන්ත්‍රණ සහ ගසා කෑම්.
දැන් ඉන්ධන මිල අඩු වෙනවද?
එන්න බලන්න අපි ආයෙත් තාලෙට කියන්න ට්‍රයි කරමු........බොරු කරන අපේ නරියා....
ඕකෙන් උනේ සතොස සේවකයාගේ මඩිය තරවීම පමණි.
සිංහලයා මෝඩයා.....කැවුම් කන්න යෝදයා......ඒ ඉස්සර. දැන් සිංහලයා වීරයා.....පරිප්පු කන්න සුරයා....
අපි මේ ගණන් වලට පරිප්පු ගත්තේ නැහැ . කරුණාකරලා ඉන්ධන මිල අඩුකරන්න.
පහුගිය රජය වගේම මේ රජයත් කිසිම දෙයක් පිළිවෙලකට කරගන්න බැරි විහිළුවක් බවට පත්වීගෙන එනවා. මේ ගණන් වලට පරිප්පු , ටින්මාළු ගණන් අඩු කරනවා කිව්වාට සාමාන්‍ය මිනිස්සුන්ට ලැබුනේ බොහොම පොඩි ප්‍රමාණයක් විතරයි. කඩ කාරයෝ අඩු ගණනට තොග පිටින් අරගත්තා. හැබැයි ඒවා රු 100 ට , 65 ට මිනිස්සුන්ට වික්කේ නැහැ තමන්ගේ ගබඩාවල් පුරවා ගත්තා. රු 100 ට විකුනන්න කියාපු ටින් මාළු එක කල් ඉකුත්වෙන්නේ 2022 එයාලට 2022 වෙනකම් ඒවා විකුනන්න පුළුවන්. දැන් ඉතින් ඒවා රු 200 ටත් වඩා වැඩි ගණන් වලට විකුණලා අධික ලාබයක් ගන්නවා. මේ රටේ හැමදාම වුනේ ඔය වගේ වැඩම තමයි. මේ රට පාලනය කරපු කිසිම කෙනෙක් අහිංසක දුප්පත් මිනිස්සු ගැන හිතුවේ නැහැ. මාස ගණන් ඇදිරිනීති දාලා දුප්පත් මිනිස්සුන්ට රස්සාවක් කරගන්න විදියක් නැතුව අසරණ වෙලා ඉන්නේ. දැන් ඉතින් පරිප්පු පොඩ්ඩක් එක්ක පාන් කෑල්ලක්වත් කන්න බැරිවේවි. රජය හිතාගෙන ඇති එයාලා දීපු 5000න් අවුරුද්දක් කන්න පුළුවන් කියලා. මට නම් හිතෙන්නේ ඒ දීපු 5000 මිනිස්සුන්ගෙන්ම ආපහු ගන්න තමයි ඔය විදියට බඩු ගණන් වැඩි කරන්නේ කිරි පිටි මිලත් වැඩිකළේ ඒකටම තමයි. කොරෝනා හැදිලා මේ රටේ ඉන්න සේරම ටික මැරිලා යන්නම ඕනේ.
කොරෝනා හැදිලා මේ රටේ ඉන්න සේරම ටික මැරිලා යන්නම ඕනේ. අනේ මේ උතුම් වෙසක් මාසයේදී, ඔයවගේ දේවල් කියල, අපා ගත වෙන්න එපා ! කොහොම උනත් රටටම පිළිකාවක් වෙලා තියෙන දියවන්නාවේ කබරු රොත්තටම හෙණ වදින්න කිවුවට නම් පව් සිද්ධ වෙන්නේ නැහැ.
බාර් ඇරියම කට ගැස්මට ගන්න හිතා හිටිය සාඩින් .....
ජෝක්ස් පිට ජෝක්ස්...