(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් දිස්ත්‍රීක්කයට දින පහක් පමණ ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාවෙන් ඇති වූ ජලගැලීමෙන් පරන්තන් මුලතිව් ඒ-35 ප්‍රධාන මාර්ගයේ ස්ථානයකින් ගිලා බැස පාලමක් කැඩී යාමෙන් ගමනාගමනයට දැඩි බාධා ඇති වී තිබේ.
ඒ-35 ප්‍රධාන මාර්ගයේ වල්ලිපුනම් කාලිකෝවිල් ප්‍රදේශයේ දී මාර්ගය ගිලා බැසීමෙන් පාලම කැඩී ගොස් ඇති අතර මේ නිසා මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.
එමෙන්ම මාර්ගය හා පාලම කැඩී ගිය ස්ථානය නැවත පිළිසකර කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරමින් ගමනාගමනයේ යෙදෙන ලෙසට යුද හමුදාව හා මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් විසින් ජනතාව දැනුවත් කර තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ විග්නේශ්වරම් ...?
උතුරේ ජනතාවට එදත්, මෙදාත්, හෙටත්, කවදත් පිහිටට ඉන්නෙත්, උන්නෙත් කවුද යන්න දැන්වත් අවබෝධ කර ගත්තොත් ඔවුනොත් ගොඩ රටත් ගොඩ බව සිත්හි තබා ගැනීම ඉතා වැදගත්.