(මහනුවර ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාගේ සහ වත්මන් සභාපතිවරයාගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියවර ගත් බව එම විශ්වවිද්‍යලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය .
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහර දී නිල නිවසට අලාභානි කිරීමේ සිද්ධියට මෙම සිසුන් දෙදෙනාද සම්බන්ධ බවට චෝදනා එල්ල විය .
ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියවර ගත් බවයි නියෝජ්‍ය උපකුලපතිවරයා කීය.
එසේ ශිෂ්‍යභාවය අත්හිටුවා ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විධානගේ සහ වත්මන් සභාපති චමෝද් සත්සර යන සිසුන් දෙදෙනා ගේය .
මෙම සිසුන් දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කරත් විනිසුරුවරයාගේ තීරණය වූයේ එසේ අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන බවත් ඔවුන් දෙදෙනා සෘජුව මීට සම්බන්ධ නම් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත්ය .
මේ වන විට මෙම සිද්ධියට සම්බන්ධ සිසුන් දොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ජනවාරි මස 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ තීන්දුවක් ගන්න වත් අත්අඩංගුවට ගන්නවත් බැරි එම සිසුන් දෙදෙන මිට සම්බන්ද නැති නිසා බව ඕනෙම කෙනෙක්ට තේරෙනවා . දැන් මෙතැන වෙන්නේ අහඹු සිදුවීමක් , මෙම මහා ශිෂ්‍ය සංගමේ පිට දාල , රනිල්ට සහ පොහොට්ටුවේ හොරුන්ට ඕනේ වැඩේ කරගන්න එකයි ,
මේ මිනිස්සු සමාජයට මහා පිළිලයක්.
ඉතා හොඳ වැඩක්. විශ්ව විද්‍යාල සියල්ල කඩාකප්පල් කරන නරුමයො එලවලම දාන්න ඕන
සදහටම ද අහෝසි කරන්නයි තියෙන්නේ. අත්හිටුවීම කියන්නේ ආයෙත් කාලෙකට පස්සෙ කැම්පස් එන්න පුළුවන් කියන එකයි.
විනය අංක එකට තිබිය යුතුය.
විශ්ව විද්‍යාල ශිෂ්‍යායන් එලවන්න කතා කරන්නේ ගොන්නු පාර්ලිමේන්තු යවපු මිනිස්සු. අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු.
දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා මේ දේශපාලකයන් තමන්ගේ බලය පෙන්නන්න හදන්නේ කාටද?
පේරා උපකුලපතිකම ළමයකුට දෙන්න කිව්වාලු... ඉතින් දුන්නාලු... ඉතින් දැං තත්වය මෙහෙමයි...