
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සිදුවන පිබිදීමත් සමඟ මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත පරිවර්ථනයක් සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ආසන්න වශයෙන් 10,000 ක ජන සංඛ්‍යාවකට එක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ඉදි කරන බව කී අමාත්‍යවරයා දිවයින පුරා අලුතින් එවැනි මධ්‍යස්ථාන මධ්‍යස්ථාන 2000 ක් අරඹන බව කීය.
පළමු ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන100 මෙම වසරේ ම පිහිටුවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කීවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවීමට යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන (Primary Care Community Centre) ව්‍යාපෘතිය පිළිබඳව මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් (Public Health Nursing Officers - PHNO) දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය.
ශ්‍රී ලංකා පදනම ආයතන ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අංශය (Primary Healthcare Unit) විසින් මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දට 100 ගානේ. අවුරුදු 10ක් බලා ඉමු.
ජනප්‍රියවීමට හිතට එන එන දේ කරලා රටට ඔරොත්තු නොදෙන වැය බර තවත් වැඩි කරනවට වඩා දැන් තියෙන ඉස්පිරිතාලවල ඉන්න දොස්තරලා ඇතුළු සෞඛ්‍ය සේවකයින්ට ඔවුන්ගෙන් සේවා ලබාගැනීමට එන මහජනතාවට සුහදශිලීව කතා කරන්නවත් උගැන්වූවා නම් ගොඩක් වටිනවා.
ඊට වඩා හොඳයි අලුතින් පත්වීම් ගන්න සෞඛ්‍ය සේවකයන්ට ඩිස්පන්සරි එකක් දාන්න කියලා බදු සහනයක් දෙන එක, එකෙන් ආණ්ඩුවට බර අඩු වෙනවා. දැන් ඔය සෞඛ්‍ය මධ්‍යස්ථානවලට සේවකයන්, ඖෂධ, ගොඩනැගිලි, වාහන, ජාල විදුලි බිල්, කසල කළමනාකරණ බිල් මේ ඔක්කොම මහජන බදු මුදලෙන් ගෙවන්න ඕන.
මඤ්ඤන්ද කොහේද? තියෙන ඒවාගේත් වෛද්‍යවරු නැහැ... හෙදියෝ නැහැ, බෙහෙත් නැහැ. තියෙන ඒවා ටික හදා ගන්නේ නැතිව දහස් ගණන් දාන්න කතාව...!
පිරමීඩ් කාරයෝ වගේ තමයි ලස්සනට අන්දන්නේ - නැත්තං සිහින ලෝක මවන්නේ...!