
(නිමල කොඩිතුවක්කු)
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමානය ඩී. එස් සේනානායක මහතාගේ හැත්තෑ වැනි ගුණ සමරු උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පස්වරුවේ පැවැත්විණ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩී. එස් සේනානායක ගුණසමරු කමිටුවේ සභාපති දේශබන්දු කරු ජයසූරිය, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් නිදහස් චතුරස්‍රයේ පිහිටි සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු ගුණසමරු උත්සවය ආරම්භ කෙරිණ.
නිදහස් චතුරස්‍රයේ පිහිටි සේනානායක පිළිරුවට මල් මාලාව පැලඳවීම කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අල්. හාජ් එම්. ටී. එම් ඉක්බාල් මහතා විසින් සිදුකරනු ලැබීය.
ඩී. එස් සේනානායක ගුණානුස්මරණ සංගමය මෙම උත්සවය සංවිධානය කර තිබිණ.
ඡායාරූප : ඩික්සන් වසන්ත





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd