
(අංජුල මහික වීරරත්න)
බැංකු විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පසුගිය වසර 04ක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට දැඩි ලෙස බලපා ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් බැංකු වලින් ලබා ගත් ණය පියවීමේදී දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බව වාර්තා වී ඇත.
එම තත්ත්වය යටතේ ණය පැහැර හැරීම නිසා සැලකිය යුතු ව්‍යාපාරික පිරිසකගේ දේපළ බැංකුවලට පවරාගෙන වෙන්දේසි කිරීමේ පරිසරයක් නිර්මාණය වී තිබීම හේතුවෙන් 1990 අංක 4 දරන බැංකු මඟින් ණය අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට සංශෝධනයක් ගෙන ඒම මඟින් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම 2024-12-15 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ. පරාටේ නීතිය අත්හිටු වීම තවදුරටත් දීර්ඝ කරන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට සම්බන්ධ සංගම මඟින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
දේපළ වෙන්දේසි කිරීමට ඉඩ දීම වෙනුවට එවැනි ණය ආපසු ගෙවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වා දීම මඟින් දෙපාර්ශ්වයටම සාධනීය විසඳුමක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වඩා සුදුසු බව රජය විසින් නිරීක්ෂණ කර තිබේ.
ඒ අනුව, 2025-03-31 දින දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටු වීම දීර්ඝ කිරීමටත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ සක්‍රීය දායකත්වයෙන් මෙම ගැටලුව විසඳීමට බහුමාන යාන්ත්‍රණයක් සකස් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරාටේ නීතිය තවදුරටත් අත්හිටුවයි
රුවන් Tuesday, 10 December 2024 11:40 AM
ඔය හොර යක්කුන්ගේ දෙපල ඔක්කොම අරන් පස්සේ පරටා නීතිය තහනම් කරන්න ඕනේ.
prasanna Tuesday, 10 December 2024 01:34 PM
සුපිරියි..! ඔහොම යමු. වැල් පාලමේ...!
Kmal Koyrala Tuesday, 10 December 2024 03:02 PM
පරාටේ අම්පාර දෙස දයාවෙන් බලනවාද?