
(යොහාන් භාසුර)
දේපළ බලහත්කාරයෙන් වෙන්දේසි කරන ‘පරාටේ’ නීතිය අහෝසි කිරීම, බැංකු පොලී පහත දැමීම සහ ණය ලීසිං සඳහා සහන දීම යන ඉල්ලීම් වාහාම කටයුතු කරන ලෙස බලකරමින් ව්‍යවසායක අරගල මධ්‍යස්ථානය, මහ බැංකුව ඉදිරිපිට අද (21) උද්ඝෝෂණයක් පැවැත්වීය.
‘ණය සහ ලීසිං සඳහා සහන දෙනු’ සහ ‘බැංකු පොලිය පහළ හෙළනු’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී විරෝධය දැක්වූ අතර එම ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ද මහ බැංකුවට සහ මුදල් අමාත්‍යංශයට භාරදුන්නේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම නැටුවොත් වෙන්නේ ලෝන් එකක්වත් ගන්න බැරි වීමයි. ලෝන් ගන්නෙ ඒවගේ කොන්දේෂි වලට යටත් වෙලානම් එවා ගෙවන්නත් ඕනි. ගෙවා ගන්න බැරිනම් බැංකුව එක්ක කතා කරලා ඒවට පිළියම් යොදා ගන්න ඕනි. ඔයා ලෝන් ගන්න ගොඩක් හොර එකවුන්ට් හදලා පෙන්නලා ගෙවන්න බැරි තරම් ණය අරගෙන දැන් දඟලනවා. ඔච්චර ණය ගන්න පුළුවන් හැබැයි ටැක්ස් ගෙවන්නේ නෑ.
ගහලා පන්නලා දන්න ඕකව.