
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීම සඳහා මිනී පෙට්ටියේ ලෑලි යතුගාමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අරඹමින් පැවසීය.
පක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ අමාරි හෝටලයේදී මෙය පැවැත්වේ.
"ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ කෙමෙන් කෙමෙන් වියැකෙමින් තිබෙනවා.
දේශපාලන පක්ෂ පාට අමතක කොට ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා මේ මොහොතේ අප එකතු විය යුතුයි.ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුව තිබෙනවා යනුවෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදය නැතිනම් ඒකාධිපති ව්‍යවස්ථාව හැදුවේ කවුද?
ව්‍යවස්ථාව හදපු අයට දැන් මූට්ටුවෙලා වගේ?
අද ආණ්‌ඩුව පාලනය කරන්නේ ජේවීපි හතර පස් දෙනෙක්ගේ කල්ලියක්. ඔවුන් සල්ලි වෙනුවෙන් ඕනෑම දේශීය විදේශීය කණ්ඩායමක් එක්ක ඕනෑම ඩීල් එකක්, පාවාදීමක් කරන්න ලෑස්තියි. සුලු වරදක් අල්ලගෙන රනිල් සම්බන්ධව නටන නාඩගම තවත් කුමන්ත්‍රණයක කොටසක්. ඇත්ත ඉක්මනින් එලිවෙයි.
රට විනාශ කළ කාලකන්නි මුන් කියන්නේ අපිට එක නීතියක් මන්ට වෙනම නීතියක් කියලා,
රජයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?, ඔයාලා හැමෝම කරපු දේවල් නොසලකා හැරලා ඉස්සරහට යන්න, එහෙම නේද? නමුත් මහජනතාව වශයෙන් අපට අවශ්‍ය වන්නේ අපගේ මුදල් සමඟ සෙල්ලම් කළ ඕනෑම කෙනෙකුට දඬුවම් කිරීමයි. මේ මාධ්‍ය හමුවට කවුද එකතු වුණේ කියලා බලන්න, ඔබගෙන් බොහෝ දෙනෙකුට රජයේ මුදල් සම්බන්ධයෙන් සැක සහිත චෝදනා තියෙනවා. ඔයාලා හැමෝටම අනාගතයක් නෑ..............
ලංකාවේ ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ මේ හොරු ටිකටයි දැනට හොරකම් අහුවෙලා හිරේ ඉන්න ටිකටයි ද එතකොට ?
හොරකමට අත්අඩංගුවට ගැනීමයි ප්‍රජාතන්ත්‍රවාදයයි අතර සම්බන්ධය මොකකද?
ඔය කියන එක්කෙනාගේ ප්‍රජාතන්තවාදය ගැන විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින් කිහිපපොළකම විවාද විමර්ශන වලදී හෙළිකලා නේද?
මේ දේශපාලනඥයන්ට බනින සෙට් එක මතක තියා ගන්න ඕන, මුන්ව මිනී පෙට්ටියේ දාලා ඇණ ගැහුවම ඊලඟට පෙට්ටි හදන්නේ උඹලට කියන එක. මොකද රෙදි ගලවගෙන මේ පක්ශෙ වෙනුවෙන් කඩේ ගියපු ත්‍රීවිල් කාරයන්ටයි, බස් කාරයන්ටයි තමයි ඉස්සෙල්ලම කෙලියේ.
මරේ මරු බඩු ටික, වාඩිවෙලා ඉන්න සෙට් එක දිහා බලපුවාම පේනවා ප්‍රජාතන්ත්‍ර වාදය බේරාගන්න නෙමෙයි තම තමුන්ගේ අපරාධ අල්ලලා හිරේ දාන එක වළක්වා ගන්න පෙරමුණ අරගෙන ඉන්නවා කියලා. ආණ්ඩුවට ජයවේවා ජය වේවා...!!!
නරු හොඩේ ජාතික සභාව... හොරු වුණුවෙන් හොරු අපි ඔක්කොම යාළුවෝ මල්ලී.....
අපි මැරිලා ඉපදුනේ නෑ. අපිට මතකයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කලින් තිබුන විදිහ. ශිරාණි බණ්ඩාරනායක, සරත් ෆෝන්සේකා වගේ සිද්ධි පොඩි උදාහරණ විතරයි.
මිනීමරුවෙක් නීති විරෝධීව හිරෙන් නිදහස් කරපු කෙනා කියන්නේ…!
ජනතාව ඕවාට රැවටුණු කාලය ඉවරයි.
ප්‍රජාතන්ත්‍රවාදය වලලපු ඔබලා සෙට් එක යවන්න ජනතාව ලෑලි යතුගාන්න ගත්තේ පහුගිය සැප්තැම්බර් විසි එක. මේ පළවෙනි පෙට්ටිය හැදුවේ, බයවෙන්න එපා ඔබලාටත් පෙට්ටි තියෙනවා...
මේ ගොල්ලෝ ඔය එකතු වුනේ හොඳකට නම් නොවෙයි. ඔය සෙට් එකේ හැටි අපි හොඳාකාරවම දන්නවා. ලෑලි කොහොම වුණත් රටේ ජනතාව පණපිටින් හරි වලදාන්න පුළුවන් කට්ටියක් ඔය.
අධිකරණයෙන් වරදකරු වෙලා දඩ කාපු කෙනෙක්ගේ කතාව...!
ඔතැන ඉන්න, දැනටමත් නඩු වැටිච්ච, නඩු වැටෙන්න තියෙන, නීතියෙන් දඩ වැදිච්චි, තමන්ගේ පවුලේ අයට නඩු තියෙන ළමයි අත උස්සන් බලන්න...
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා දන්න එකෙක්වත් ඔතැන ඉන්නවාද?
හිරේ යන්න ඉන්න අය තනි පොකුරට. තව ටික කාලෙකින් ඕක වැලිකඩ ඇතුලේ තියන්න ලැබේවා. කාලකණ්ණි රට කරපු හොද හින්දා තමයි අපිට ලස්සන රටක් දාලා ඇවිත් දුක් විදින්න වුණේ...
ප්‍රජාතන්ත්‍රවාදය වල දාන්න නෙවේ හොරු ටික ඇතුලට දාන්න....
ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි , මේ රට විනාශ කල හොරු අපරාධකරුවන් මීනි මරුවන් හා පාතාල නායකයන් ඔවුන් එක සැරේ එක වලකට දාලා වල දාන්න ඕනෑ. එකට පෙට්ටි අවශ්‍යත් නැහැ ලෑලි යතු ගාන්න ඕනත් නැහැ.
බඩගෝස්තරවාදී දේශපාලනය එකම රූප රාමුවක!
අවුරුදු 76ක් මාරුවෙන් මාරුවට දෙපැත්ත බෙදිලා ප්‍රජාතන්ත්‍රවාදය වල දාපු අය ඔක්කොම එකතු වෙලා මේ කියන්නේ... අවසාන තීරණය ජනතාව අතේ... ජනතාව ඔබලා ඔක්කොම පෙට්ටියට දාලා ඇණ ගහළා වල දාන දවස ළග වෙන බවත් සිහිකර ගන්න.
මගේ සුබ පැතුම්, එකමුතු වී වැඩ කිරීම හැර වෙන විකල්පයක් නැත, වර්තමාන ආණ්ඩු පක්ෂයට තවත් අවස්තාවක් නොදිය යුතුයි
ඔවුන් සැම එකතු වී ඇත්තේ කා වෙනුවෙන්ද???? මහජනතාව????
විශ්‍රාම වැටුප් සහ වෙනත් පහසුකම් අඩුකිරීමට සූදානම් වීම ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීමක්. එහෙම නේද !
දැනට අවුරුදු 25 කලින් මේ වගේ සිද්දියකදී අනුකම්පාවෙන් මිනිස්සු තීරණ ගත්ත බුද්ධියට ඉඩ නොදී. දැන් ඉතින් මේ සමාජය ගොන් තීරණ ගන්නෙ නැහැ. රවට්ටන්නත් බැහැ. ජාතියේ පිනට බිහිවුණ ආණ්ඩුවක් මේක. ඕකයි ඇත්ත කතාව
ප්‍රජාතන්ත්‍රවාදය රැකීමද නැත්නම් නීතියට උඩින් කියල හිතාගෙන කිසියම් නීති විරෝධී ක්‍රියා සිදුකලානම් ඒවාට දඬුවම් විඳින්නට සිදුවන එකෙන් බේරෙන්නට මාර්ගයක් සොයාගැනීමද ?
රටම වල දාලා, පාන්සකූලෙත් දීපු සෙට් එක නේ මේ කියන්නෙ මේවා. ඒකනේ ආතල්ම වැඩේ කියන්නේ.
ඔහෙලා එකතු උනේ ඇයි? අපිට දැන් නම් හොඳටම තේරෙනවා. සිංහලෙන් කියලා තියන අත්මෝපදේශයත් මතක් වුණා. ඒ "කුණු වලට තමයි කුණු එකතු වෙන්නේ".
හොර දේශපාලුවන්ගෙ දූෂිත ප්‍රජාතන්ත්‍රවාදී අනුවාදය දැන් වළලනු ලැබ ඇත.බලය සහ තනතුර නොසලකා සියලු සොරුන්ට සහ මැරයන්ට එරෙහිව වත්මන් NPP රජය ගෙන යන ක්‍රියාමාර්ගයට අපි ජනතාව පක්ෂපාතී වෙමු. හොඳ වැඩක් AKD, මේ පරණ වංචාකාරයින් සහ ඔවුන්ගේ හෙංචයියන් නීති මගින් දඬුවම් දෙන නිර්භීත CID ට අපේ සුබ පැතුම්. පෙර කිසිදු රජයක් යටතේ කිසිදු විටෙක වත් එය කල නොහැකි විය.
අනේ යන්න මෙයා, අපි නොදන්න ඔයාලගේ ප්‍රජාතන්ත්‍රවාදේ..
බංකොලොත් වෙච්චි රටක මුදල් අවභාවිතා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයද. හිටං.
ඒ රට බංකොලොත් වෙලා හොම්බෙන් යන තුරුම හොරකම් කරපු ඔහෙලට හිතෙන හැටි! හොරුන්ට මිනීමරුවන්ට දඩුවම් දීම රටටම යුක්තිය ඉෂ්ඨ විය යුතු බව අපි විශ්වාස කරන සත්‍යය යි!
පිස්සුද හිටන්, එහෙම දෙයක් වෙනේ නැහැ. මෙපමණ කල උනේ, ප්‍රජාතාන්ත්‍රය විකුනමින්, ඔබ වැනි නායකයෝ රටේ සේසත් විකුණා, තමන්ගේ මඩි පුරවා ගැනීම පමණයි. දැන් ඔන්න එක එක පාටවල හොර රංචුව , නරි කැළක් වගේ එකතු වෙලා, හූ තියන්න පටන් ගෙන. උන් දන්නේ එය පමණයි, ගාලම දැන් අහුවෙලා. අපිට දැන් පෙනෙනවා හොරු රැළ ඉන්නේ කවුද කියලා.
දැන් තමා ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ඇවිත් තියෙන්නේ? යුක්ති නීතිය සාදාරණය විනාශ කරපු අදිකරණය පවා දේසපාලණියකරණය වෙලා තිබුනේ? අපි මැරිලා ඉපදුනේ නැහැ.දූෂිත දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැන අපි හොන්දාකාරවම දන්නවා.
පව් බය වෙලා ලඟදීම හිර කූඩුවේ ලගින්න වෙයි කියලා බයේ මෙච්චර ලොකු කතාවක්.
හැබෑට? රාජ්‍ය වියදමින් පුද්ගලික ගමනක් ගියාට අත්අඩංගුවට ගත්ත එක ප්‍රජාතන්ත්‍ර විරෝධියි. එතකොට සාමකාමී උද්ගෝෂණ වලට පහර දීපු එක, පාලක පක්ෂයට අවාසි තීන්දුවක් දුන්න කියල අග විනිසුරුතුමිය පලවා හැරපු එක, ලසන්ත වික්‍රමතුංග මහ දවල් ඝාතනය කරපු එක ප්‍රජාතන්ත්‍රවාදයට එකගයි? කෝ ඒකාලේ අපි දැක්කේ නෑනේ ඔහොම සන්ධාන ගත වෙලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නවා. තමුන්ටත් හිරබත් කන්ඩ වෙනවා කියල බයවෙලා ප්‍රජාතන්ත්‍රවාදයේ එල්ලෙන්ඩ හැදුවට, ඕවට රැවටෙන ගොන්නු දැන් අඩුයි. මුලින් කරන්ඩ ඕන ඔය සන්ධාන හදාගෙන විරුද්ධ වෙන උන්දලාගේ පැටිකිරිය හොයන එක.
හොරු හොරු තම තමන්ව රැක ගන්න එපැයි ඉතින්...
හොරු එක මිටට...
විපක්ෂය එය ඔප්පු කළහොත්, NPP හි මුළු වහලුන්ම අනුර පිටුපස සිටියත්, එය අනුරට ඇති ලොකුම අභියෝගය සහ පසුබෑම වනු ඇත. බටහිරට සහ EU ට තුන්වන ලෝකයේ රටවල බොහෝ වෙනස්කම් සැලසුම් කළ හැකිය. ප්. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා අත්සන් කළ 5000 ක පෙත්සමක් පවා EU විසින් පිළිගනු ලැබේ. මෝඩයන් රාජ්‍ය තාන්ත්‍රික බලය සහ විරුද්ධ පක්ෂයේ බලය නොදනී.
ඔව්, ඉදිරි අවුරුදු 20 අපි තනි පක්‍ෂයක් විදියට රට සංවර්ධනය කරනවා. විපක්ෂ සහ ඡන්ද අවශ්‍ය නෑ. හරිනියි පාපිසියි ඕනෙත් නෑ.
රනිල්ට අත තිබ්බ කියන්නේ මෙතැන එකතුවෙලා ඉන්න බොහෝ දෙනෙකුට හීන් දාඩිය දාන වැඩක්. ඒකයි දැන් එකතුවෙන්න උවමනාවෙලා තියන එකේ ඇත්ත කතාව. මේ සාකච්ඡාවට සමගි ජන බලවේගය නැත්තේ මොකද දන්නේ නෑ. සජිත් ඊයේ බන්ධනාගාරය ඉදිරිපිට ලොකු කතාවක් කළා නේද? සුදා ගැනත් මොන මොනවදෝ කීවා. රනිල් බලන්නත් ගියා. ඒ ගිහින් ආවට පස්සේ "අවුලක් නෑ හොඳින් ඉන්නවා " කීවා විතරයි රනිල් ලෙඩවෙලා මහා රෝහලට ඇතුල් කළා. වෙනද වගේ මෙදා පොටෙත් ඒගොල්ලෝ හෙට වෙන එකතුවක් රැස්කරන්නද හිතාගෙන ඉන්නත් බැරි නෑ.
ඔච්චර කලබල වෙන්න එපා අනේ. දීපු පොරොන්දු ඉෂ්ඨ කරගන්න බැරි නිසා ගන්න අංජබජල් තීරණ ඕවා. අපිනේ දන්නේ කෙරුවාව...
මේ මිනිස්සුන්ට දැන් දෙලොව සිහිවෙලා ඉන්නේ. හිටපු ජනාධිපති කෙනෙක්ට එහෙම වුණා නං ඉදිරියට අපිට මොනවා වෙයිද කියලා. ඔහොම යමු. ජයවේවා...!
කියලා වැඩක් නෑ...
නෑ වල දමා තිබූ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ ගන්නවා. නීතිය සැමට එකයි.
ප්‍රජාතන්ත්‍ර්ත වාදය. රකින්න දැන්ද මතක් වුනේ... මේ එකතු වුනේ. ආන්ඩුව පෙරලන්න ඔලුවෙන් හිටන් ආවත් වෙන්නේ නැති දෙයක්. මීහරක් රෑන. හොරා කාපුවාම වමාරන්න වෙනවා කියන්නේ. මේවාට කෝ නාකිමයිනාගේ පැත්තෙන් කවුරුත් නැත්ද? එකෙක් ඉන්නවද මොලයක් තියෙන රට ගැන හිතන... නඩේ ගුරාව ඇල්ලුවා කියලා මේ තව ඉන්නවා නඩේ ගුරාලා සෙට් එකක්. ජනතාව මාලිමාව සමග ඉන්නේ. ඒ නිසා මෙදා සැරේ කටින් බෝම්බ තිබ්බට හරියන්නේ නැහැ. උතුරන දකුණ කොටවන්න ලැබෙන්නෙත් නැහැ. මීපාසානම් තමයි බෙහෙත...
වැදි බණ නොදොඩන් අබරෝ...
මාලිමාවට ජය වේවා...
මට ඇත්තටම කියන්ට තියෙන්නේ අයියෝ සිරිසේන කියලා. මේ සක්කිලියා අපේ කරුමෙට ජනාධිපති උණ කෙනෙක්...
අනුරව අමාරුවේ දාන්න පක්ෂයේ ඇතුලෙන් ගහපු ගේමක්. ඇතුලේ කචල්...
ඇත්තටම රනිල් විජලනය උනේ එදා උදේ මේ සෙට් එක උංදැව බලන්න වැලිකඩට ගියාට පස්සේ. එතකං විජලන කතාවක් කිව්වෙ නෑනේ...
උඹලා දන්නේ නැද්ද උඹලා ඔහොම එකතුවෙන්න වෙන්න රටේ බුද්ධිමත් ජනතාව අනෙක් පැත්තට එකතු වෙනවා කියලා.
වංචාවක් සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ කටයුත්තක් හැටියට හුවා දක්වන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ .. දේශපාලකයින් කරන වංචනික වැඩ වලට දඩුවම් නොකරන්න කියලද ඔය කට්ටිය කියන්නේ? නීතිය ක්‍රියාත්මක විය යුත්තේ සාමාන්‍ය ජනතාව විතරක් කරන වැරදි වැඩ වලටද? දේශපාලකයින් විසින් කරන වැරදි වැඩ ප්‍රශ්නය නොකළ යුතුද? ඔවුන්ට දඩුවම් කිරීම වැරදියිද?