( රොමේෂ් මධුෂංඛ)
යාපනය විදුහලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු පසලේ ගොඩනැගිල්ලක තුන්වෙනි තට්ටුවෙන් බිමට පැනීමේදී විදුලි රැහැනකද පැටලී වැටීමෙන් තුවාල ලබා අසාද්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කොට ඇතැයි යාපනය පොලීසිය පවසයි.
මෙම සිසුවා නිරන්තරයෙන් පරිගනක ක්‍රිඩාවන්වල යෙදෙන සිසුවකු බවත් පරිගණකයෙන් ආ අභියෝගයකට මෙසේ ඉහළ මහළයෙන් පැන්නේ දැයි පොලිසිය සැකකරයි. පරිගණක ක්‍රීඩාවේ යෙදෙන බවට මවුපියන්ද සනාථ කළ බව පොලිසිය පවසයි.
මෙම පාසල් සිසුවා පාසල් ගොඩනැගිල්ලේ තුන්වැනි තට්ටුවේ සිට බිමට පැන ඇති අවස්ථාවේදී දෙවැනි තටට්ටුවට ඇද තිබූ විදුලි රැහනක පැටලී බිමට වැටීම හේතුවෙන් දිවි හානි නොවී තුවල සිදු වී ඇතැයි පොලීසිය කියයි.
කෙසේ වෙතත් බිමට වැටුණු සිසුවා අසාද්‍ය තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට සිසුදරුවන් ඇතුලු ආචාර්ය මණ්ඩලය පියවර ගෙන ඇති අතර සිසුවාගේ තත්වය බරපතල බවටද රෝහල් ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිගණකයක් කොහෙද මේ නිව්ස් එකේ