(සුජිත් හේවාජුලිගේ )
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට මිතුරන් පිරිසක් සමග අයුතු ලෙස ඇතුළුවී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගැනිම එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
එම පරීක්ෂණ වාර්තාව කෙටි කලකින් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පසුගියදා පත් කරනු ලැබීය.
එම පරීක්ෂණ මණ්ඩලය ඒ විමර්ශන කටයුතු දැනටමත් අරඹා ඇතැයි දැනගන්නට ඇත.
ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාරයට පසුගිය 12 වැනිදාත් අනුරාධපුර බන්ධනාගාරයට පසුගිය 6 වැනිදාත් සිය මිතුරන් පිරිසක් සමග අයුතු ලෙස ඇතුළුවී ඇතැයි චෝදනා එල්ලවී ඇත.
ලොහාන් රත්වත්තේ මහතා එම සිද්ධීන් පිළිබඳව තොරතුරු ප්‍රසිද්ධවීමෙන් පසු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පසුගිය 15 වැනිදා ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙයාව පොලිසියෙන් ලොකප් කළේ නැත්තේ? බන්ධනාගාර නිලධාරින් පොලිසියට පැමිණිලි කරලා නැත්නම් කොමසාරිස්ගේ ඉඳලා වැඩ තහනම් කරලා.. ඒ අයවත් පරීක්ෂණයකට ලක් කරන්න. පුදුම නිලධාරින් ඉන්න රටක්නේ...
අර ගම්මන්පිළට ගත්තා වගේද?
මේ ලොහාන් විපක්ෂයේ කෙනෙක් හරි සාමාන්‍ය මිනිහෙකු වුණා නම්, මෙහෙම පරීක්ෂණ මුවාවෙන් කල්යවමින් ඉඳීද? මෙන්න කියලා ඉඳීවි එහෙනම්. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිධියකට. තමන්ගේ එකාට එක නීතියක්... එසේ නොවන එකාට වෙනත් නීතියක්...!!!
ඔය විමර්ශන, පරික්ෂණ කියන දේවල් කාටද විශ්වාස කරන්න පුළුවන්? හරියට කෙරුවා නම් දූෂිත දේශපාලුවන් වැඩි හරියක් ඉන්න ඕනේ හිරේ..?
මූට පරීක්ශන මණ්ඩල . වෙන අයව කෙලින්ම හිරගෙදර.රන්ජන් රාමනායකව කී පාරක් අත් අඩන්ගුවට ගත්තද. හා! හා! හා! එක රටක් එක නීතියක්.
පියවර ගන්නේ කකුල් දෙකෙන්ද? හතරකින්ද?