
(ඉන්දිකා රාමනායක)
පාස්කු ප්‍රහාරය සහ එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන මන්ත්‍රිවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සිද්ධියට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලා පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රි කණ්ඩායමක් අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදිසි හස්තයක් පිළිබඳව මෙම මන්ත්‍රිවරුන් දෙදෙනා එයට වගකිවයුතු යැයි කියන යම් පුද්ගලයන් පිළිබඳව තමන් දන්නා තොරතුරු ඇති බවට ලේඛණ ඉදිරිපත් කරමින් මන්ත්‍රිවරප්‍රසාද වලට මුවා වී කරුණු ඉදිරිපත් කළ බවත්, මෙම කරුණු ජාතික ආරක්ෂාවට වැදගත් විය හැකි හෙයින් එම ප්‍රකාශවල කරුණු පාස්කු පරීක්ෂණ සදහා අදාල කරගන්නා ලෙසට මන්ත්‍රිවරුන් සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබිණි.
මෙම අපරාධ සම්බන්ධයෙන් දන්නා කරුණු සැඟවිමට ඉඩ නොදිය යුතු බවත්, පාර්ලිමේන්තු වරප්‍රසාද මුවාවී මෙම මන්ත්‍රිවරුන් දෙදෙනා මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ දේශපාලන වාසී ලබා ගැනීමට උත්සහ ගන්නා බවට තමන්ට හැගෙන නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ද මන්ත්‍රිවරුන් සිය පැමිණිල්ල මගින් ඉල්ලා සිටියහ.
නවක මන්ත්‍රිවරුන් 40 දෙනා ගේ අත්සනින් යුත් පැමිණිල්ල රැගෙන සංජීව එදිරිමාන්න, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රිවරුන් පිරිස ඊයේ පස්වරු 1.30 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
( ඡායාරූප - ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් නාට්‍ය පිටපතේ එක ජවනිකාවක් විතරයි. පාස්කු ප්‍රහාරයට වග කිවයුතු අය ඇල්ලීමත්, බැදුම්කර වංචනිකයින් ඇල්ලීමත් හරියට තාජුඩීන්ගේ මිනිය වගේ තමයි. විටින් විට උඩ එනවා නැවත යට යනවා. කවදාවත් විසදන්නෙ නම් නෑ. අහිංසක මිනිසුන්ගේ ලේ කදුළු මතින් බලයට ආවාට ඕවට රිටර්න් එකක් ලැබෙන දවසකුත් එනවා.
කුලියට කහින සෙට් එකක්
කුලියට කහින සෙට්...
හැමදාම කළේ පරීක්ෂණ විතරයි. ඒකත් දේශපාලන වාසියට..