ක.ග කරුණාරත්න
අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම සිඝ්‍ර ලෙස ඉහළ නගිමින් පවතින නිසා එහි වාන් දොරටු 10 අඩි 01 බැගින් විවෘත කිරීමට අද (5) උදෑසන පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
එමඟින් අඹන් ගඟට මුදා හැරෙන අතිරික්ත ජලය ප්‍රමාණය තත්පරයකට ඝන අඩි 1400 කි.
අද (05) උදේ වන විට පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 111,400 ක් ලෙස පැවති බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ.හේවාගම මහතා ප්‍රකාශ කළේය.
මාස් කන්නයේ මහ වැසි ලැබීමත් සමඟ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කරන ලද්දේ දෙවැනි වතාවටය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් තරම් වතුර මුහුදට යවන්න. මොකද වැව අයිනේ වැදගත් හෝටල් 2ක් තියෙනවා යටවෙන්න දෙන්න එපා...