
(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය නගරයේ මාර්ග දෙකකට හිටපු අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියාගේ නම් කර එය විවෘත කිරීමට ගිය රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් ඒල්ලවූහ.
පසුගිය වසරේ පැවැති අරගලයේදී අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ නමින් මැදිරිගිරිය කවුඩුලුවැව මාර්ගයත් ඔහුගේ ආරක්ෂක නිළධාරී ජයන්ත ගුණවර්ධන මහතාගේ නමින් බිසෝබණ්ඩාර පාසල් මාර්ගයත් නම් කිරීමට ප්‍රාදේශීය සභාවේ අනුමැතිය හිමි විය.
ඒ අනුව මැදිරිගිරිය කවුඩුලුවැව මාර්ගය අමරකීර්ති අතුකෝල නමින් ද බිසෝබණ්ඩාර මාර්ගය ජයන්ත ගුණවර්ධන නමින් නම් කර ඊට අදාල පුවරුව විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුළු දේශපාලඥයෝ පිරිසක් එක් වූහ.
අනතුරුව එම ස්ථානයට එක් රොක් වූ ප්‍රදේශයේ ජනතාව ඔවුන්ට සිය විරෝධය ඒල්ල කර සිටියහ.
ඒහිදී ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ ප්‍රදේශයේ අබලන් මාර්ග කොතෙකුත් තිබියදී සුදු ඇදගෙනවිත් දැනට ප්‍රයෝජනයට ගන්නා මාර්ග විවිධ පුද්ගලයන්ගේ නම්වලින් විවෘත කිරීම ලජ්ජාසහගත බවයි.
තවද අලි මිනිස් ගැටුම්වලින් දිනෙන්දින මිනිස් ජීවිත අහිමිවන කාලෙක ජනජීවිතයට බාදා නොවන ලෙස අලි ගැටළුවලට පවා පිළියම් ලබා නොදී මෙවන් විහිලු සහගත ක්‍රියා නොකරන ලෙසට උසුළුවිසිලු නොකරය යන්නැයි ගම්වාසීහු ඇමැතිවරයා ඇතුළු පිරිසට පැවැසූහ.
මෙම සිද්ධියත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වය ඇති විය. පැය භාගයක් පමණ පැවැති මෙම විරෝධයෙන් පසු ඇමැතිවරයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටව ගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
පාරට නම දැම්මම හරි.ගමට හෙන ගැහුවත් කමක් නැහැ.
මේගොල්ලන්ට කරන්න පුළුවන් මේ වගේ ගොන් වැඩ විතරයි .අර්ථවත් වැඩක් කරන්න බැහැ
දේශපාලකයෝ හැමදාම කලේ අපිව ගොනාට ඇන්දීම මිස වෙන කිසිවක් නොවේ.නිදහසට පෙර හා පසු කාල පරිච්චේද ගැන පොඩ්ඩක් විමසිලිමත්වූවොත් මෙය වඩාත්ම හොඳට වැටහේවි
මැදිරිගිරිය කවුඩුලු වැව මාර්ගය කිව්වම එම මාර්ගයේ යන්න පුළුවන් කොහේටද කියලා පැටතින් ගමට පැමිණෙන කෙනෙකුට පැහැදිලි වෙනවා ඒත් මිනිහෙකුගේ හරි ගැහැනියකගේ නැත්නම් හරකෙකුගේ නමක් යෙදීමෙන් එය නොමැති වෙනවා ඇත්තටම මාර්ගයක් නම් කරනවා නම් තමන්ගෙ පුද්ගලික නැත්නම් අම්මගෙ අප්පගෙ බූදලයකින් සකස්කල මාර්ගයක් එහෙම නම් කලාට වරදක් නැහැ ජනතාව විරෝධතා දැක්වීම සාධාරණයි
තවම මෙවුන්ගේ අවස්ථාවාදි කාබාසිනියා දේශපාලනය නතර කර ගන්න බැරි උනා. එයා මැරුණේ රට වෙනුවෙන් සටන් කරලා නොවේ, රට වැනසුව රාජපක්ෂලා වෙනුවන් පෙනී සිටලා අරගලය මර්ධනය කරන්න දැරුව නීච නිදිත උත්සහයට ලැබුණු ප්‍රතිපහරයේ ප්‍රතිථලයක් විදිහටයි. ඒ නිසා එයා වෙනුවෙන් සිහිවටන සැමරුම් උත්සව පොහොට්ටු මූලථානයට පමණක් සීමාකර ගත යුතුයි.
ඔය පුවරු ගලවනඑක තමයි සුවහසක් දනන්ගේ ප්‍රාර්ථනය. කා අතින්හෝ එය ඉටුවේවා! අරගලය කලේ ඔය වගේ පුහු වැඩ තවදුරටත් නොකරන්න. මේ වගේ දේවල් කරල අරගලයට සමච්චල් කරල ඊලඟ අරගලයෙදි මුහුදට පනින්න තමයි වෙන්නෙ ඔය නාකි සෙට් එකටත් පොහොට්ටු බයිසන්ලටත්.
විසුරුවා හැර ඇති..., ප්‍රාදේශීය සභාවක් කොහොමද මෙහෙම තීරණ ගන්නේ? ඕවා හිටපු හොර නඩේටම දෙන්න හදපු අර කපුටු ගෝලයගේ යෝජනාව අහකට දැම්මා නේද? ඒක නිසා ඔය බෝඩ් නීත්‍යානුකූල නැහැ. ඒවායේ තාර ගෑවාට නඩු දාන්න බැහැ...
දැන් කියයිද දන්නැහැ ගමේ මිනිස්සුත් අරගලකාරයින් කියලා...
මුන්දැලාට පුළුවන් මෙහෙම විහිළු වැඩ තමයි...
අපේ බත්පතෙන් සූරාකන සහල් මුදලාලිලා...
මාර්ගයේ නම පුද්ගලික නමක් කියමුකෝ... එහෙම නම් ජීවත්ව සිටින හා උපදින්නට සිටින සැමටම ගෙවීමට ණයට අරගෙන හදපු අධිවේගී මාර්ගයක්, මහින්ද රාජපක්ෂ අධිවේගී මාර්ගය කිව්වොත් ඒක ගමන් පහසුව දෙන්නේ කොතැනටද කියලා හිතන්න බැහැ වගේ තමයි... ඔය කරපු මෝඩ වැඩෙත් ඇත්තටම පුද්ගලික නම් යෙදීම පුද්ගලයා හිටපු ලේන් එකකට නැත්නම් ගෙවල් කීපයක් සඳහා තියෙන අතුරු මාර්ග සඳහා ගැලපුණත් එම මාර්ගයේ එම ගමෙන් බැහැර අයත් ගමන් කරනවා නම් පුද්ගලික නම් යෙදීම ඉතාමත් අශෝභනයි...
jvp කාරයින් සංවිධානය කරලා වැඩ අවුල් කරනවා. නීතිය හා සාමය ස්ථාපිත කළ යුතුයි...!
පාරවල් වලට නම් නැති... නිසා දැන් මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ? මේවා තමයි රටේ තියෙන ලොකුම ප්‍රශ්න... අනේ මෙහෙම පාලකයෝ...!
ප්‍රමාණවත් නැහැ.
රට කාපු එකඑක දේශපාලුවන්ගේ නම්, දාලා තියෙන සියලුම පොදු දේපළවල නම් අයින් කළ යුතුයි. මේවා මොවුන්ගේ හීනමානයට කරන වැඩ...