IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ප්‍රා. ලේ කොට්ඨාස 68 කට තව දුරටත් නායයාමේ අවදානම් නිවේදන

(මොහොමඩ් ආසික්)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 68 කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (16 ) පස්වරු 4.00 දක්වා බල පැවැත්වෙන පරිදි  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ  උඩදුම්බර, දොළුව,මැදදුම්බර, ගඟඉහළ කෝරළය,සහ මිනිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ සඳහා තෙවන මට්ටමේ රතු නිවේදනය නිකුත් කර ඇති අතර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වන උඩුනුවර ,හතරලියද්ද, අකුරණ , ගඟවට කෝරළය, දෙල්තොට, පූජාපිටිය,කුණ්ඩසාලේ, පන්විල,යටිනුවර, හාරිස්පත්තුව, උඩපළාත, තුම්පනේ,පාතදුම්බර, පාතහේවාහැට,සහ පස්බාගේ කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

එයට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, හපුතලේ,වැලිමඩ, ලුණුගල,සොරණාතොට, ඇල්ල,කන්දකැටිය, පස්සර,මීගහකිවුල, හල්දුම්මුල්ල, බදුල්ල, බණ්ඩාරවෙල, සහ හාලිඇල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, රිදීගම සහ මාවතගම, මාතලේ දිස්ත්‍රික්කයේ  අඹන්ගඟකෝරළය, විල්ගමුව, රත්තොට,ලග්ගල පල්ලේගම,පල්ලේපොල, උකුවෙල,යටවත්ත, නාවුල සහ මාතලේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත , වලපනේ, නිල්දණ්ඩාහින්න,මතුරට සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕට, මාවනැල්ල,වරකාපොළ , බුලත්කොහුපිටිය,දැරණියගල, කෑගල්ල,අරණායක, රඹුක්කන,රුවන්වැල්ල, යටියන්තොට, සහ ගලිගමුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල සහ අලව්ව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ නෝර්වුඩ්,අඹගමුව කෝරළය, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මටට්මේ අවදානම් නිවේදනයද  නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති මෙම  අනතුරු ඇඟවීමේ නිවේදනය අද 16 වනදා පස්වරු 4.00  දක්වා බල පැවැත්වෙන  බවත්  එම සංවිධානය කියයි.

තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇති මෙම  ප්‍රදේශවලට පසුගිය පැය 24 කාලය තුල මිලි මිටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින්  වර්ෂාව තව දුරටත් පවතී නම් එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යා යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් කියයි. දෙවන මට්ටමේ  නිවේදනය නිකුත් කර ඇති ප්‍ර දේශවලට පසුගිය පැය 24 තුල මිලි මීටර් 100 ඉක්මවූ සහ පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍ර දේශවලට මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක්ද ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 



අදහස් (0)

ප්‍රා. ලේ කොට්ඨාස 68 කට තව දුරටත් නායයාමේ අවදානම් නිවේදන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site