
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයකු ඇතුළු පිරිසකගේ පහර කෑමට ලක් වූ බව කියන දෙදෙනකු පුත්තලම රෝහලට ඇතුලත් කර ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මන්ත්‍රි වරයා ඇතුළු පිරිසගේ පහර දිමේන් තුවාල ලබා ඇත්තේ කල්අඩිය සිංහපුර පදිංචි 33 හැවිරිදි හා 23 හැවරිදි දෙදෙනෙකි.
බුදු මැදුරක් සදහා වැලි ලබාදීම සඳහා වූ වචන හුවමාරුක් දුටදිග යෑමෙන් මෙම පහරදීම සිදු කළ බව පහර කැමට ලක් වූ වෝ කියති.
කෙසේ නමුත් පහර දිමට සම්බන්ධ බවට සැකකරන මන්ත්‍රිවරයා විසින් පුත්තලම පොලිසියට 8දින පැමිනිලි කරමින් තුවාල ලබා රෝහල් ගත තිබේන දෙදෙනා ඇතුළු පිරිසක් තම නිවසට කඩා වැදි නිවසේ දොර ජනෙල් වලට පහර දි ඇති බවයි.
කෙසේ නමුත් පහර දිම පිළිබදව කල බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගෙන් කළ විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී.
“මම කිසිම පහර දිමක් කර නැහැ .ඒ පිරිස තමා මගේ ගෙදරට කඩා වැදිලා දොර ජනෙල් විනාශ කර යතුරුපැදිවලින් යද්දී වැටිලා තුවාල වෙලා තිබෙන්නේ .දැන් කියනවා මම පහර දුන්නා එක බොරුවක් කියලා තමයි මම කියන්නේ යැයි ඔහු පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ බලය කොච්චරද කියනවන් ගහලා ඉවර වෙලා කියන කතාව බලන්න
.මේ පැත්තෙ දේශපාලකයෝ මොන දේ උනත් අනුන්ගෙ පිට තමයි වරද පටවන්නෙ.
මේ කාලකන්නියාට නමක් නැද්ද? මෙයා ස්ථිරවම වැඩේ කරන්න ඇති මොකද බයිසිකලෙන් වැටෙන්න ඇති කියලා තියෙන්නේ... නියම බූරුවෙක්... මෙම අදහස් එම මන්ත්‍රී බූරුවාට කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකිවේවා...
ගහපු මිනිහා මන්ත්‍රී නම්, මන්ත්‍රී පොහොට්ටුවේ නම්, ආයේ කවර කතා ද?
කාටවත් කියන්නේ නැතිව හැංගිලා ගහපල්ලා කොල්ලනේ... කාලකන්නි දේශපාලුවන්...!!!
පොහොට්ටුවේ හින්දා නඩු නෑ ඕවට..!!!