IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පාරේ තොටේ ආරක්ෂාව ගැන පොලිසිය සිසුන්ට පාඩම් උගන්වයි

(අංජුල මහික වීරරත්න)

දෛනිකව සිදුවන රිය අනතුරු වලක්වා ගනිමින්  මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පුරවැසියන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව  “Clean Steps – Safety Roads – Be united for road safety” මාර්ග ආරක්ෂාව හා රක්ෂණය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක්  රුහුණු විශ්වවිද්‍යාලයේ රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේ හා මාතර වෙරළ උද්‍යානය අසලදී අද පැවැත්විණි. 

ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වයෙන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වන මාර්ග ආරක්ෂක සංදර්ශනය මාතර වෙරළ උද්‍යානය අසලදී  අද පෙරවරු 8.00 සිට පැවැත්වුණු අතර, මාතර අධ්‍යාපන කලාපයේ පාසල් සිසු සිසුවියෝ 1300ක් පමණ ඊට සහභාගී වූහ.

අනාගතයේදී ආචාරධාර්මික පුරවැසියන් ලෙස මාර්ග නීති අනුගමනය කෙරෙහි පාසල් දරුවන් වර්තමානයේ සිටම හුරු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. 

එසේම මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීම, අනතුරු වළක්වා ගැනීම සහ ඒ සඳහා වගකීම් සහිතව ක්‍රියා කිරීම පිළිබඳ පාසල් මාර්ග ආරක්ෂණ කව බල ගැන්වීමද මෙමගින් අපේක්ෂා කෙරෙන බව ජනාධිපති කාර්යාලය කියයි.

 



අදහස් (4)

පාරේ තොටේ ආරක්ෂාව ගැන පොලිසිය සිසුන්ට පාඩම් උගන්වයි

m. saman perera Thursday, 26 June 2025 06:05 PM

ඉතාමත් වටිනා දෙයක්, රට පුරා මෙවැනි දැනුවත් කිරීම් කරන්න පොලිසියට අපේ උපහාරය.

:       0       7

දුංහිඳ Thursday, 26 June 2025 06:48 PM

මේ වැඩ සටහන මම ඉස්කෝලේ යනකාලේ හොඳටම තිබුණා. ඒක නතරවුණේ ඇයිද දන්නේ නෑ. දැන් නැවත ආරම්භ වීම හොඳයි

:       0       7

සකියම Thursday, 26 June 2025 08:19 PM

පොලිසියේ ට්‍රැෆික් ඇම්බැට්ට රැලත් ඔය පංතියටම කැඳෙව්වා නම් තමා වටින්නේ... නීතිය කාටත් පොදුයි කියනවානේ...

:       0       1

Mahasen Friday, 27 June 2025 08:20 AM

ඉතා වටිනා මෙම වැඩසටහන දිගු කලකට පසු නැවත ඉදිරිපත් කිරීම ගැන සතුටු සිතින් ස්තුතිවන්ත වෙමි. එදා අප කුඩා දරුවන් අවධියේ ඉතාමත් ආසාවෙන් සම්බන්ධව වූ වැඩසටහනකි. අදද අප විනීතව මහමඟ පයින් හෝ වාහන පදවමින් ගමන් කරන්නේ මේ ආභාෂයෙනි. විකට නාට්‍යානුසාරයෙන් හා රථ වාහන යොදාගෙන නිරූපණය කරන ත්‍රාසජනක ක්‍රියා දාම වලින් යුත් මෙම අධඅධ්‍යාපන වැඩසටහන දිගටම පවත්වාගෙන යාම අගනේමය .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site