(ගයාන් සූරිය ආරච්චි)
පුද්ගලයෙකු පහර දුන් බව පවසා හලාවත රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු මව පියා ඇතුළු එකම පවුලේ පස් දෙනෙකු සහ පහර දුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැදුරුඔය, හලාවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ත් 55 ත් අතර පසු වන එකම පවුලේ පිරිසක් සහ හලාවත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.
කාලයක් තිස්සේ දෙපිරිසක් අතර පැවති ආරවුලක් හේතුවෙන් පුද්ගලයකුට පහර දී ඇති බව පොලිසිය කියයි.
පහර කෑමට ලක් වූ බව කියන පුද්ගලයා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් රෝහල් ගේට්ටුවෙන් එළියට දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව එම පුද්ගලයා තම මව පියා සහ සහෝදරියන් දෙදෙනා ද සමඟ හලාවත රෝහල ඉදිරිපිට තමාට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස පවසමින් මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය පවසයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
පාර අවහිර කර කලබල කළ එකම පවුලේ 5ක් අත්අඩංගුවට
ජිල්බු Monday, 17 March 2025 10:47 AM
නැතිවෙලා "ඉන්න" ආයතන ප්‍රධානියව අත්අඩංගුවට ගන්නත් රටේම ජනතාවට ඔහොම කරන්න වෙයිද?