(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී පැවසීය.
ඒ අනුව විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල සියයට 70කින් පමණ වැඩි විය යුතු බව පැවසූ විදුලිබල මණ්ඩල නියෝජිතයෝ විදුලිය ගාස්තු පසුගිය කාලයේදී වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවූ බැවින් විදුලි බිල වැඩි කිරීම කැබිනට් මණ්ඩලයෙන් මෙලෙස අනුමැතිය ලබාගත් බවද ප්‍රකාශ කළහ.
“ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.
විදුලි බල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසදීමට සහ අදාළ යෝජනා ලබා ගැනීම සදහා විදුලි බල ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයෝ මෙම රැස්වීමට කැඳවනු ලැබ සිටියහ.
විදුලි බල මණ්ඩල පාඩුව පියවා ගැනීමේ අරමුණින් විදුලි ගාස්තු වැඩි කළද එය දැරිය නොහැකි මට්ටමක පැමිණ ව්‍යාපාර ආදිය කඩා වැටීමේ අවදානමක් මතුවිය හැකි බව කමිටුවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.
මේවන විට විදුලිබල මණ්ඩලය බැංකු සහ විදුලි බල සැපයුම්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ණය ලෙස රු කෝටි 65000 ක ට (බිලියන 650 ) ආසන්න ප්‍රමාණයක් පවතින බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.
ඉන් රුපියල් කෝටි 3500 කට ආසන්න ප්‍රමාණයක් (බිලියන 35ක්) පුනර්ජනනීය බලශක්තිය සැපයූ ආයතන සදහා ගෙවීමට ඇති බවත් තාප විදුලිය සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 7500 ක් ( බිලියන 75) ගෙවීමට ඇති බවත් විදුලිබල මණ්ඩල නියෝජිතයෝ පැවසූහ.
ඉදිරියේදී ලබා ගැනීමට අපේක්ෂා කරන රුපියල් කෝටි 5000 ක (බිලියන 50 ) ණය මුදලින් මෙම සැපයුම් කරුවන්ට යම් කොටසක් හෝ ගෙවීමට අපේක්ෂා කරන බවද ඔවුහු ප්‍රකාශ කළහ.
COMMENTS
ජනතාව මේ ටිකෙන් ටික ගෙවන්නෙ මේ රට බංකොළොත් කල දේශපාලුවන් ගේ පව්. මේ දේශපාලුවො ලයිට් බිල් වතුර බිල් ටිකවත් නොගෙවන පරපුටු රැලක්. ඉතා මෑතකදී ලක්ෂ ගනනක නොගෙවූ විදුලිය කැපීමට පැමිණි සේවකයකු පහර දීමකටත් ලක්වීමට සිදුවුණා. ඒ ගැන පරීක්ෂණ සිදුවූ බවට වාර්තා වෙන්නෙත් නෑ. නීතිය වල් වැදුණු ජරා ජීර්ණය කල රට අතහැර ජනතාව විදේශ ගතවන්නේ ඒ නිසයි.
පර සිංහල නායකයිනී මේ රට වෙනත් ජාතියකට පවරපල්ලා. එතකොට, විදේශීය නායකයින් පාලනය කරන රටක අපිට කාලා ඇඳලා, විදුලියත් ලබාගෙන ඉන්න පුළුවන්.. දැන් අර බිලියන හයසිය පනහත් අය කරගන්න යන්නේ මේ රටේ යටත් වැසියන්ගෙන්ද? මේ මොනා කලත් තවමත් දේශපාලකයින්ට කඹුරන ජාතියකට මෙහෙම වෙලා මදි.. මෙවුන් වඳ වෙලාම යන්න ඕනා..
අද රට දෙදරවන නාලිකා අටක පැයෙන් පැයට ටෙලි නාට්‍යක්..! ඒ කියන්නේ නාට්‍ය විසිපහක් අවම වශයෙන් පෙන්වනවා...අම්මලා රූපවාහිනි නාලිකා ඉදිරිපිට හවස හයට ඉඳගත්තාම ආයිත් එතැනින් නැගිටින්නේ රෑ එකොලහට දොලහට විතර...! කන්නෙත් නාට්‍ය දිහා බලාගෙනම.. පුලුවන්නම් ටොයිලටුත් යයි එතනම..? එක නාට්‍යක් ඉවරවුනහම ඊලඟ නාට්‍ය ඇලී ගැලී බලනවා.. විනාඩි 20 නාට්‍ය 25ක් කියන්නේ පැය 8 ක්... බලන්න කරන්ට් වදින්නම විදුලිය බාවිතා කරන හැටි..!
මිලියන ගණන් විදුලි බිල නොගෙවපු, පොලු තියපු දූෂිත දේසපාලුවන්ගෙනුත් අයකරගන්ඩ ක්‍රමයක් බැලුවොත් හොන්ද නැද්ද ?
කපා කපා කෑලි කපා අප නවතනු සිතනු එපා කියමින් විප්ලව කළ අරගල චන්ඩි කෝ දැන්?
වැඩි කරා තව මදිද? කැබිනට් එකේ අයට අනුකම්පාවක් නැතිද?
හැම පාඩුවකටම වගකියන්න වෙලා තියෙන්නෙ හින්සක අපිට . වන්චාව අධික සේවකයන් මවා අපි කරපු දේවල් වගෙයි ආන්ඩුව හැසිරෙන්නෙ මේක මහ පුදුම රටක්.
රජයේ සේවකයින් (අල්ලස් නොගන්නා හා වෙනත් රැකියා ආශ්‍රිත ආදායම් නොලබන පිරිස් ) විශ්‍රාමිකයින් ඇගලුම් සේවකයින් වැනි මාසික අඩු ආදායම් ලබන අයට ලැබෙන වැටුප් විදුලි බිල් ගෙවීමට මදිවේවි රජයේ ආධාර ලෙසට සමුර්ධි ලැබෙන අයටත් ආගමික ස්ථාන වලටත් අඩුවෙන් හෝ නොමිලයේ දුන්නත් ඉන් සිදුවන පාඩුවත් මණ්ඩලයේ ලොක්කො කරන ගසාකෑම් වංචා හා දූෂණ නිසා සිදුවන පාඩු පිරිමැසීමටත් ගෙවන කෙනාටම සිදුවිය හැකිය දරුවන් දෙතුන් දෙනෙක් සිටින පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ලැබීමට නොහැකිවේවි.විදුලි බිල් වැඩිකරනවා නම් අඩුමිලට විදුලිය නිපදවන විකල්ප (සූර්ය පැනල ) සහනදායි ක්‍රමයක් යටතේ ලබාදීමට කටයුතු කරන්න නැත්නම් නිදහසින් අවුරුදු 75 තුල ලැබූ පරිහානිය දෙගුණයකින් වැඩිවීමට මෙම රජය කාලයේ සිදුවිය හැකිය මණ්ඩලය පාඩුලැබීමට කටයුතු සලසන එවුන්ට හොදක්නම් නොවේවා
උපයෝගිතා කොමිසමේ එවුනුත් මණ්ඩලයේ එවුනුත් උන්දැලාගේ වැටුපත් සියයට හැත්තෑවකින් වැඩිකර නොගත්තොත් ඉර පායන පැත්තත් වෙනස්වේවි
විදුලි බිල වැඩි නොකර, විදුලි බල මණ්ඩලයේ නාස්තිය, දූෂණය, අකාරියක්ෂමතාව, අතිරික්ත සේවක පිරිස, වැඩ නොකරන සේවකයින් නිසි අයුරින් කළමනාකරණය කිරීමෙන් මෙවැනි පාඩු සිදුවීම අවම කරගත හැක.
අපෙන් අයකරන්න කලියෙන් බිල්වලට පොලු තියපු දේශපාලුවන්ගෙන් අය කරගනිල්ලා සක්‍රයා
පරිපාලන දුර්වලතා හදාගන්නේ නැතිව ඔක්කොම පාඩුව මිනිසුන්ගෙන් පියවා ගන්න හදන එකට රටේ මිනිස්සු කැමතිද ? මේකටද මිනිස්සු චන්දේ දුන්නේ ? විදුලි බල මණ්ඩලය කියන්නේ හරියට පාලනය කරොත් ලාබ ලබාගන්න පුළුවන් ආයතනයක් , මේවට මෙහෙම වෙලා තියෙන්න මෙතෙක් කල් ආණ්ඩු කරපු රනිල් , මහින්දල්ගේ පාලනයේ දුර්වලත් නිසා නෙවෙයිද ? රුපියල බාල්දු වීම , රටේ පවතින අදික උත්දමනය මේ පාඩු වලට තවත් ප්‍රදාන හේතු දෙකක් , ඉතින් ඒ තත්වෙට මේ රට දැම්මේ ආණ්ඩුව බදාගෙන ඉන්න මහින්ද රනිල් ලම නෙවෙයිද ?
100% කින් වැඩි කරොත් හොඩයි නේදමහත්වරුනි ?
පාර්ලිමෙන්තුවෙ ඉන්න ගරු කටයුතු පාදඩයන්ගෙ හිඟ බිල් අය කර ගන්න බෑ. . එව අය කර ගන්න නීතිමය පියවර ගන්නෙත් නෑ. . හැබැයි සියලු බදු ගෙවන අපෙන් තව ත්වත් හූරන් කන්න උන්ට හරිම බලයක් තියෙනවා.. අපිට බිල් වැඩි කර කර පාඩුයි කියල විතරයි කියන්නෙ. . මෙක ඇත්තක් වෙන්න පුලුවන්ද? මෙ රටෙ ඉන්න අන්ද ගොලු මිනිස්සුනි. . ඔයාලව මෙහෙම මංකොල්ල කන්න දීල බලන් ඉන්නෙ ඇයි?
නිලධාරීන්ගේ බදුත් ගෙවන්නේ මණ්ඩලයෙන්. සහන ණය ඉහල වැටුප් ආදීය මෙම පාඩුවට හේතු නොවේද? ඒවා අඩු කරන්න, කාර්ය මණ්ඩල අඩු කරන්න යෝජනා නැතිද?
එන පොට නම් කිසිසේත්ම හරියන්නේ නැහැ.ජනතා දුක ගැන අබමල් රේණුවක තරම් හෝ අනුකම්පාවක් තිබේ නම්, මේ වැනි තීන්දු තීරණ ගන්නේ නැහැ.රට හොරා කෑ දූෂිතයන් අල්ලා ගැනීමට කටයුතු කළ යුතුයි.ඔවුන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීම සිදුකල යුතුයි.විදුලිය බල මණ්ඩලයේ නාස්තිය දූෂණය හා පාඩු සිදුවන්නේ කෙසේ දැයි පරීක්ෂා කර ඒවාට නිසි පිළියම් යෙදීම සිදු කළ යුතුයි.මෙසේ වංචා දූෂණයෙන් පිරුණු විදුලිය බල මණ්ඩල සුදු අලියා ලාභ ලැබීය හැකි පෞද්ගලික අංශය වෙත විකුණා දැමිය යුතුයි.රටේ සම්පත් හොරා කෑ දූෂිතයන් අල්ලා ගැනීමට හැකි රජයක් පිහිටුවීමට ජනතාව වහා අවධි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි.
මේවිදියට විදුලි බිල විඩිකරගෙන. වරෙල්ලකො අපෙ ගම්වලට. චන්දදය හිගාකාගෙන. ගන්නෙ. ඉලපත
100% කින් වැඩි කළත් පාඩුව මැකිය නොහැකි ය. ඒ කියන්නේ අපි විදුලි පාරිභෝජනය අවම කරනවා. බලාපොරොත්තු වන ආදායම ලැබෙන්නෙම නෑ.
මෑතකදී විදුලිය බිල් වැඩිකරන්න පෙර ඇෆ් එක හරහා බිල ගණනය කර ගැනීමට පහසුකම් සලසා තිබුනත් විදුලි බිල් වැඩිවීමෙන් පසුව එම පහසුවත් නැතිකලා මෙනිසා පාවිච්චි කිරීම පාලනය කරන්න අමාරුයි මහජන උපයෝගිතා කොමිසම හා මණ්ඩලය හදන්නෙ කෙසේහෝ ජනතාව සූරා කෑමටද කියලා හිතෙනවා මේගැන ඇමතිවරයාගේ හෝ ජනාධිපති වරයාගේ අවධානයට යොමුවේවා
උබල ගෙවල් වලට එනකන් අපි බලාගෙන ඉන්නේ
ලන්කාවෙ භාගයක් මිටරෙ වෙනස් කරල හොරට ලයිට් ගන්නව . බිල වැඩි කරල හරි යන්නෙනෑ. හොරු අල්ලන්න ඔන
පියවර දෙකකින් කෙසේ වුවත් පියවර කිහිපයකින් ලබන වසර පුරාම අදික ලෙස විඩුලි ගස්තු වෙඩිවෙඑමෙ පෙරනිමිති තමය් මෙ. අපේ රටෙ ගොන් ඇමතිලට වනිජ මට්ටමින් ව්‍යපාර පවත්වාගෙන යෑම පිලිබදව අවබෝදයක් නැහැ.
විදුලි බල මණ්ඩලය කියන්නෙ දූෂිත ආයතනයක්..
අනේ බමුණුආරච්චි අදහස් පලකරන්න පුලුවන්ද.?
මෙහෙම ගියොත් පියවර කිහිපයක් අපි පොලොව යටට යාවි.