
(තුසිත කුමාර ද සිල්වා )
පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ අළුත්ගම පොලිස් වසමට අයත් අලුත්ගම කන්දේ විහාර කළුවාමෝදර කාලවිල මාර්ගයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ නිවසට පිවිසෙන මාර්ගයේ ස්ථාන දෙකක මාර්ග බාධක යොදා පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු අද (3) සඳහන් කළහ.
රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට මීටර් සියයකට ආසන්න දුරකින් කාලවිල මාර්ගයේ ස්ථාන දෙකක මෙලෙස මාර්ග බාධක සහිත පොලිස් නිලධාරීන් රාජකාරි යොදවා තිබුණ අයුරු දිස් විය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ආරක්ෂාව හැමදාටම නැති බව මතක තියාගන්න. රාජපක්ෂලාගෙන් ගාවගත්තු කුණුජරාව සදාකල් බවත් මතක තියාගන්න.
කරන කලට පව් මිහිරිය මීසේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... පුංචි කාලෙ ඉගෙන ගත්තු දෙයක්...
ජොන්ස්ටන්, අලුත් ගමගේ, කාරියවසම්, මහින්ද පතිරණ... මේ අයටත් පොලිස් ආරක්ෂාව ඉක්මණින්ම ඉල්ලන්න වේවි...!
ජනතා නියෝජිතයින් ජනතාවගෙන් ආරක්ෂා කරගන්න, පොලිසිය යොදවන්න සිදුවෙලා...
කෝ ඔබත් සමග ඉන්නවා කියපු ජනතාව දැන් නැද්ද? වලිකාරයෝ, ගල්කාරයෝ, කුඩුකාරයෝ, කසිප්පුකාරයෝවත් ආරක්ෂාවට සොයාගන්න නැද්ද? දැන් සැපද?
රොහිතගෙ ගේත් වැට්ටුවා නම් හරි.