
(ෂියන් ප්‍රනාන්දුපුල්ලේ)
නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මේ වනවිට පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපනයට වෙළඳපොළ තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිව තිබෙන බව ආරංචි මාර්ග පැවැසුවේය.
පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇසුරුම රුපියල් 35,000 වටිනා බව ඇය මෑතකදී ප්‍රකාශ කළ බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව තුළ රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනය කිරීමට නීතිමය රාමුවක් හෝ ඒ සඳහා පනතක් නොමැති බවද ආරංචි මාර්ග පැවැසුවේය. ලියාපදිංචි නොකළ නිෂ්පාදනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට එය බාධාවක්වී තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම පිළිබඳ අදහස් දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ මහතා ප්‍රකාශ කර සිටියේ සමස්තයක් ලෙස සම සුදු කිරීමේ ආලේපන සම්බන්ධ ගැටළු පිළිබඳ විශාල පැමිණිලි සංඛ්‍යාවක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබෙන බවයි.
පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා රූපලාවන්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීමට ඒවා ප්‍රවර්ධනය කරන්නන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය දිරිමත් කරන බවද වෛද්‍ය සේමගේ මහතා පැවැසුවේය.
සම සුදු කිරීමේ ආලේපන භාවිත කිරීමෙන් සෞඛ්‍ය ගැටලු පවා මතුවීමට ඉඩ ඇති බැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති රූපලාවන්‍ය නිෂ්පාදන විශේෂයෙන් සම සුදු කිරීමේ ආලේපන භාවිත කිරීමෙන් වැලකී සිටින ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
කෙසේ වෙතත් මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා පියුමි හංසමාලි සහ ලොලීයා ස්කින් කෙයාර් ආයතනය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ලිපියේ "ආරංචි මාර්ග පැවසුවේය" යන හෝ ඊට සමාන තේරුමක් ඇති වාක්‍ය කීවතාවක් සඳහන් වී ඇද්දැයි නිවැරැදිව පවසා රුපියල් 100/-ක මුද්දරයක් දිනා ගන්න.
මේක මහා පුදුම රටක්. පාරිභෝගිකයා ආරක්ෂා කරන්න නීති නැහැ. හැබැයි ඕනේ තරම් රජයේ ආයතන තියෙනවා, පඩි ගන්නවා විතරයි...
මේ තියෙන හැටියට "ජාතික ඖෂධ නියාමන අධිකාරිය" කරන්නේ රූපලාවන්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීමට දිරිමත් කරන බව. රටේ බදු මුදලින් ඉහල වැටුප් ලබන මෙවැනි රාජ්‍ය නිලධාරීන් කලයුත්තේ මේකද? නැත්නම් රූපලාවන්‍ය නිෂ්පාදන අනිවාර්යයයෙන් නියාමනයට සහ ලියාපදිංචියට සුදුසු ක්‍රමවේදයක් සකසන එකද?? 226 වූ දේශපාලකයෝයි, රාජ්‍ය නිලධාරීනුයි, ලංකාව කෑවා කියන්නේ නිකමටම නෙමෙයි.
නුඹලා ඉන්නේ නෑ කිය කියා පින් පඩි ගන්න නොවේ. නීති නැත්තන් හදපල්ලා. ඒවාට තමා ජනතාවගේ සල්ලිවලින් පත් කරලා ඉන්නේ. නැතුව කාලා බීලා පින් පඩි ඇරන් නෑ නෑ කියන්න නොවේ...!
ආණ්ඩුවට පුළුවන් නේ. මේවගේ ක්‍රීම් ව්‍යාපාරයක් පටන් අරගෙන සුටුස් ගාලා ණය ටික ගෙවලා දාන්න.
ලංකාවට බැරිද රාජ්‍ය බැංකුවකින් ලොකු මූල්‍ය පහසුකමක් දීලා මෙම ව්‍යාපාරය "රාජ්‍ය සහ පුද්ගලික" හවුල් ව්‍යාපාරයක් හැටියට තව වැඩිදියුණු කරන්න.. ඊට පස්සේ දෙනලද මූල්‍ය පහසුකම බොල් ණය හැටියට කපා හරින්න. එහෙම කරලා අපි අදානිට හරි, චීනාට හරි විකුණනවා.
මෙතැන පැහැදිලිව පෙනෙනවා ආදායම් බදු වංචාවක් සිදුවෙලා කියලා, උපකල්පනය කරමු පියුමි මේ ආදායම් සොයාගත්තේ නීත්‍යානුකූලව ක්‍රීම් විකුණලා කියලා.., නමුත් එයා වසරින් වසර තමන්ගේ ව්‍යාපාරය හරහා උපයන ලද මුදල් පිළිබඳව ආදායම් බදු වාර්තාවක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න. වැට් ලියපදින්චි වෙලා ගෙවන්න බැදී සිටිනවා. මේවා නිසි පරිදි කලානම් ගෝනි ගණන් ලියැකියවිලි වාහනවල පටවාගෙන CID එකට ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ තම අදායම් බදු ලිපිගොනුව සහ බෑන්ක් රිටන් ටික පමණි. අනිවාර්යයෙන් ආදායම් බදු වංචාවක සිදුවෙලා තිබෙන බව පෙනෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන බවටත් තොරතුරු ලැබෙනවා පියුමිව රිමාන්ඩ් නොකරන්නේ ඇයි?