
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ සිටි කුඩා දැරිය රිය පදවමින් සිටි පියාගේ ගෙලෙහි එල්ලීම නිසාවෙන් දිවුලපිටිය කඩවල ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ත්‍රීරෝද රථය පැදවූ පියා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මිත්තනිය ද සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මියගිය දැරිය මිත්තණිය, මව හා පියා සමග තීරෝද රථයෙන් මීගමුවට ගොස් තිබූ අතර මව රැකියාවට යාම සඳහා මීගමුවෙන් බැස ඇතැයි පොලිසිය කියයි.
දැරිය මිත්තණිය සමඟ ත්‍රීරෝද රථයේ පිටුපස අසුන්ගෙන නිවස කරා පැමිණ ඇති අතර පියා ත්‍රීරෝද රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී දැරිය දිවුලපිටිය කඩවල ප්‍රදේශයේදී එකවරම පිටුපස සිට පියාගේ ගෙල බදාගෙන ඇති අතර එම අවස්ථාවේදී පියාට ත්‍රීරෝද රථය පාලනය කර ගත නොහැකි වී මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් විදුලි කණුවක ගැටීමත් සමගම දැරිය ත්‍රීරෝද රථයෙන් පිටත විසි වී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරින් තුවාල ලැබූවන් මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිය මියගොස් ඇති අතර පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.
දිවුලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අධිකාරි මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියා පැදවූ රියෙන් විසිවී කුඩා දැරියක් මරුට