( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සිර මැදිරියේ රඳවා  සිටි 24 හැවිරිදි  තරුණයෙකුට මත්ද්‍රව‍්‍ය  මුසුකර කිරිතේ ලබාදීමට උත්සාහ කළ 22 හැවිරිදි  තරුණියක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.

එම සැකකාරිය විසින් රැගෙන එන ලද සැන්විචය තුළ  සූක්‍ෂම ලෙස බහාතිබූ   මත් කරලක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.

පොල්ගස්ඕවිට  ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන  අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් පොලිස් සිරිමැදියේ රඳවා සිටියදී  ඔහුගේ පෙම්වතිය බව කියන සැකකාර තරුණිය ඊයේ (22) දහවල් එම තරුණයා බැලීම සඳහා පැමිණ තිබූ බව පොලිසිය කියයි.

තරුණයා සමග මඳ වේලා කතාබස් කර පොලිස් නිලධාරීන්ගේ අවසරය පරිදි තේ එකක් රැගෙන පිටව ගොස් මඳ වේලාවකදී කුඩා ඉටි බෑගයකින් බටයක් සහිත කිරිතේ එකක්ද , සැන්විච් ද රැගෙන පොලිසියට පැමිණීමේදී ස්ථානාධිපතිවරයාට   ලද තොරතුරකට අනුව සැකකාරිය රැගෙන ලද කිරිතේ සහ සැන්විච්  පරික්ෂා කිරීමේදී මත්ද්‍රව‍්‍ය  අඩංගු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.