IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පැමිණිල්ලක විමර්ශන තොරතුරු දෙන්න සැරයන් නෝනා කතකගෙන් ලක්ෂයක් ඉල්ලලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කර තිබූ පැමිණිල්ලක විමර්ශනවලට අදාළ තොරතුරු එම පැමිණිලිකාර කාන්තාවගේ අතට පත් කර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ඇයගෙන් ඉල්ලුවේ යැයි කියන එම කාර්යාංශයේ සැරයන්වරියකට එරෙහිව විමර්ශන ආරම්භ කළ බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.

එම මුදල ඉල්ලා මෙම සැරයන්වරියට අයත් යැයි පැවසෙන බැංකු ගිණුමද එම පැමිණිලිකාර කාන්තාවට යවා තිබෙන බව පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පැවැසීය.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරි කරන වෙනත් සැරයන්වරියක මේ හා සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න කොබ්බෑවෙල මහතාට පැමිණිලි කර ඇත.

මෙම සැරයන්වරියට එරෙහිව පරීක්ෂණ පොලිසිය ආරම්භ කර ඇත්තේ ඉන් පසුවය.

මෙම සිද්ධියට අදාළ වැදගත් තොරතුරු රැසක් මේ වන විටත් අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (3)

පැමිණිල්ලක විමර්ශන තොරතුරු දෙන්න සැරයන් නෝනා කතකගෙන් ලක්ෂයක් ඉල්ලලා

Liyanage Friday, 23 August 2024 10:41 AM

රනිල්ගේ IMF රෝගය හොඳටම උග්‍ර අතට හැරිලා

:       3       5

achini Friday, 23 August 2024 11:55 AM

ඉස්සර බණ්ඩාරනායක මහතා කිව්වලු දුප්පත් අයවත්, නූගත් අයවත් පොලිසියට ගන්න එපා කියලා. හේතුව දුප්පත් අය නිල ඇඳුමට මුවා වෙලා පගාව ගන්නවා, නූගත් අය නිල ඇඳුමට මුවාවෙලා බලය පෙන්නන්න හදන නිසා කියලා...

:       1       10

lelwala Saturday, 24 August 2024 09:36 AM

ජෙප්පන් ආවත් තාම, නැති බැරි කෙනෙක් ආවොත් ඕක තමයි වෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site