IMG-LOGO

‘පැමිණීමේ ලේඛනය ගැන කතාවකින් මැතිසබය උණුසුම් වෙයි‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවට පැමිණි ඇතැම්  මන්ත්‍රීවරුන් නිලධාරීන් විසින් නොපැමිණි මන්ත්‍රීවරුන් ලෙස  සටහන් කරනු ලැබ ඇති බවත්  මෙවැනි පොඩි දෙයක් හෝ හරියාකාරව කළ නොහැකි නිලධාරීන්  මේ ආයතනයට කුමකටදැයි  තමා ප්‍රශ්න කරන බවත්  සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී  චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී  අද (25) පැවැසීය.

ලේකම්තුමියලා  මේවාට වගකිවයුතු බවද  ඔහු සඳහන් කළේ‍ය.

විජේසිරි මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.

මේ අවස්ථාවේදී ඇතිවූ සංවාදයක් නිසා  මැතිසබයේ උණුසුම් තත්වයක් මතුවිය.

රටට සෙත් පතා විශාල පිරිත්  පින්කමක්  පැවැත්වීමට  පාර්ලිමේන්තුව සූදානම් වන බවත් මෙවැනි අවස්ථාවක එවැනි කටයුතු කිරීම මුදල් විශාල වශයෙන් නාස්ති කිරීමක් බවත් චමින්ද විජේසිරි මහතා කීවේය.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ  රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසූවේ  තමා පසුගිය වසරේ දෙසැම්බර් මස 6 සහ 7 දිනවල පාර්ලිමේන්තුවට  පැමිණියත්  ඒ දින දෙකේ තමා නොපැමිණි මන්ත්‍රීවරයකු ලෙස එහි සටහන්වල දක්වා ඇති බවයි.

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ  ස්ථාන තුනකදී පරීක්ෂාවට  ලක් වන හෙයින් පැමිණීම මේ ආකාරයට නිසි ලෙස සටහන් නොවීම බරපතළ ප්‍රශ්නයක් බවද  ඔහු සඳහන් කළේය.



අදහස් (1)

‘පැමිණීමේ ලේඛනය ගැන කතාවකින් මැතිසබය උණුසුම් වෙයි‘

යථාර්ථය Friday, 25 March 2022 02:03 PM

අපේ මිනිස්සු රජයේ රැකියාවලට යන්නේ නිකම් ඉඳලා විශ්‍රාම වැටුප් ලබන ස්ථිර රැකියාවක් ලබන්න තියන කැමැත්ත නිසයි. නිකන් සිටීම, නිකන් සිට ලැබෙන ඕනෑම දෙයක් ලබාගැනීම උපරිම මට්ටමෙන් කරන්නේ පාලකයින් බව නොදන්නා කෙනෙක් නෑ. මේ රටේ පාලකයින් සහ උගත් යයි සම්මත තලයේ ඉන්න මිනිසුන් ජනතාවට බොරු කරනවා නම් ජනතාව ඔවුන්ට පාඩමක් ඉගැන්විය යුතුව තිබෙනවා. මේවාට පාට, පක්ෂ අවශ්‍යම නැහැ. මොකද කිව්වොත් පක්ෂ, පාට මාරු වුණා කියලා දේශපාලකයෝත්, නූගත් හා අවස්ථාවාදී ආධාරකරුවෝත්, නිකන් ඉඳලා ආණ්ඩුවලට කඩේ යන රජයේ සේවක කණ්ඩායමත් සදහටම රට උලා කාලා ඊළගඟ පරපුරට ඉන්න තැනත් නැතිකරන ලකුණු තියන නිසයි...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site