IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෙමට පිටු පෑ වැයි පී.සී පොලිසියේ යකා නටලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පෙමට පිටු පෑ බව කියන ඇඹිලිපිටිය පොලිසියේ කොස්තාපල් පෙම්වතිය සහ එම පොලීසියේ රාජකාරි කරන තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කරන බවට තර්ජනය කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාලඹේ පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

මාලබේ පොලීසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු ඇඹිලිපිටිය පොලිසියේ රාජකාරි කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියක සමග කාලයක් තිස්සේ සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට  පැවසීය.

සැකකාර කොස්තාපල්වරයා සමග පැවති මෙම ප්‍රේම සම්බන්ධතාවය මීට සතියකට පමණ ඉහතදී පොලිස් කොස්තාපල්වරිය  නවතා දමා ඇතැයි පොලිසිය සදහන් කරයි.

ප්‍රේම සම්බන්ධතාවය නතර කළ නිසා කෝපයට පත්වූ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය පොලිසියට දුරකථන ඇමතුමක් ලබාගෙන පොලිසියට කඩාවැදී ඔහු ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය බව කියන පොලිස් කොස්තාපල්වරිය සහ පොලිසියේ තව තුන් හතර දෙනෙකු ඝාතනය කරන බවට තර්ජනය කර ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

පසුව මෙම පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය පොලිසියේ කාන්තා බට නිවසට පැමිණ එහි දොරට වැරෙන් ගසමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (2)

පෙමට පිටු පෑ වැයි පී.සී පොලිසියේ යකා නටලා

Rohana Monday, 27 February 2023 07:40 AM

ආදරය අහිමිවීමේ වේදනාව තමා. මොනව කරන්නද බුදු දහම අනුව ලොව කිසිම දෙයක් ස්ථිර නොවන බව තේරුම්ගෙන හිත හදාගෙන ඉන්නවා මිසක් කලබල වී ආරවුල් ඇතිකර ගැනීම කිසිම තේරුමක් නැති වැඩකි. යමක් අහිමි වනවිට තවයමක් ලැබිය හැකි බවත් සිතට ගත්තොත් ආරවුල් පාලනය කර ගත හැකිය.

:       0       5

pakeer Monday, 27 February 2023 12:59 PM

පොලිසියේ කියලා නැහැ. පිස්සන් කොහෙත් ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site