
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොලේ නතර කර තිබූ පෞද්ගලික බස් රථයක් තුළට කඩා වැදී බස් රථයේ වාඩිවී සිටි ආගරපතන පොලිසියේ රාජකාරිය කරන පොලිස් කොස්තාපල්වරයකුට පහරදී තුවාල සිදු කළේ යැයි කියන නුවරඑළිය දිසා ලේකම් කාර්යාලයේ රාජකාරි කරන සංවර්ධන නිලධාරියකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුගේ පෙම්වතිය බව කියන තරුණිය සමඟ මෙම පොලිස් කොස්තාපල්වරයා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවට මෙම සැකකරු කරුණු වරදවා වටහා ගෙන මෙම පහරදීම සිදුකර ඇති බව මේ හා සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම හුටපටයක් යටම චීත්තයක්. රටේ කාන්තා ප්‍රතිශතය වැඩි වගවත් වර්ථමාන තරුණ පිරිමි දන්නෙ නැති හැඩයි.