
( සිතුම් චතුරංග)
පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කරන බව ලැබුණු තොරතුරක් මත කිලිනොච්චිය,අම්බාල් නගර් ප්‍රදේශයේ අබිලි යකඩ එකතු කරන ස්ථානයක් වටලා එහි එක්රැස් කර තිබු ටි 56 වර්ගයේ හිස් පතරොම්කොපු කිලෝ 1,681 සමඟ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
අත්අඩංගුවටගත් සැකකරු කිලිනොච්චිය අම්බාල්නගර් පදිංචි 54 හැවිරිදි පුද්ගලයකි.
වැටලීම සිදුකළ අබිලි යකඩ එකතුකරන ගබඩාවේ තිබී පුහුණුවීම් සඳහා භාවිතාකරන අභ්‍යාස අත්බෝම්බ ආකෘති 34ක් , ආර්.පි.ජී හිස්බෝම්බ කවර එකක්, ටි.56 පතරොම් බහාලන පෙට්ටි හතරක්, ආර්.පි.ජී රේල් පුපුරණ ද්‍රව්‍ය එකක්, මල්ටිබැරල් රොකට් විදින සඳහා භාවිතා කරන රේල් එකක්, බෝම්බ සඳහා යොදාගන්නා ෆියුස් හා මෝටාර් උණ්ඩ ඇසුරුම් කිහිපයක් ද සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය කිසියම් ප්‍රදේශයකට රැගෙනයාමට උත්සහ කළේද යන්න පිළිබඳ විමර්ශන සිදුකරන බවත් පොලිසිය කීය.
කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ එක්රැස් කොට තිබු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ පරීක්ෂා කිරීමට නියමිත බවද පොලිසිය පැවසූහ.
යුද හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත මෙම මෙම වැටලීම සිදු කර තිබේ. සැකකරු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව හා කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරම වැඩේ. ඡන්ද ලංවෙද්දි පතුරොම්, බෝම්බ, අමුතු අමුතු ප්‍රහාර වැඩි වෙනවා. ඇයිද මන්දා මේ ?
කොටි නැගිටිනවෝ....
හොදටම පේනවා මේ යකඩ එකතු කරන තැනක් කියලා
මේ රජය පුදුම නාට්ටි ගොඩක් මිනිස්සුන්ට පෙන්නන්නෙ. පාස්කු ප්‍රහාරයත් මේවගේ එකක් පේන විදියට. බලයට කෑදරකමේ කරපු මහ විනාශයක් කියල හිතෙනව මේව දැක්කම.