(පානදුර සුමිත් පොතුපිටිය, බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පානදුර සමන් කාරියවසම්)
පානදුර, පින්වත්ත ප්‍රෙද්ශයේ ජාත්‍යන්තර පාසලක පාපන්දු ක්‍රීඩාවේ යෙදීසිටී සිසුවෙකු හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි පින්වත්ත පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර පදිංචිව සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කේ ජයන ඩියෝන් නැමැති 16 හැවිරිදි සිසුවෙකි.
මියගිය සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග පාපන්දු ක්රීනඩා ක්රී6ඩාකරමින් සිටියදී විද්යා ල භූමියේ ඇද වැටී ඇති අතර, රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි සදහන් වේ.
සිසුවා ඇදවැටීමට මොහොතකට පෙර පාසලේ ටැප් එකකින් ජලය පානය කර තිබූ බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරුව ඇතැයිද පැවසේ.
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය නිලධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී .
මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව බව රෝහල් ප්‍රකාශකයෙක් කීය .
පින්වත්ත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ ප්ර්ධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම කණගාටුදායක මරණයකි. දෙමව්පයන්ට, ඥාතීන්තට, පන්තියේ යාළුවන්ට, හිත මිත්‍රයන්ට කොච්චර දුකක් හිතනෙවා ඇතිද?