
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
සැදැහැවතකු පූජා කළ ඇත් දළ යුගලයක් ජාවරම්කරුවන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලකට විකිණීමට සැලසුම් කළ බව කියන විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි.
මාතර ප්‍රදේශයේ පුද්ගලයකු විශාල ප්‍රමාණයේ ඇත් දළ යුගලක් විකිණීමට ගැණුම්කරුවකු සොයන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව ඉකුත් පෙබරවාරි මස දොළොස්වෙනි දින මාතර පිටබැද්දර දී විශේෂ පොලිස් කණ්ඩායමක් එම ඇත් දළ යුගළය සමග පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ වැදගත් තොරතුරු කිහිපයක් ඔස්සේ සිදු කළ විමර්ශනයකින් අනතුරුවන් ඇත් දළ යුගලය පිටබැද්දර ප්‍රදේශයේ විහාරස්ථානයක ධාතු මන්දිරය සඳහා පූජා කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඒ අනුව ඉතා රහසිගත ලෙස එම තොරතුර සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයේදී ඒ බව සනාථ වීමෙන් අනතුරුව 65 හැවිරිදි විහාරාධිපති හිමි නම අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
වසර පහකට පමණක් ඉහතදී ධාතු මන්දිරය වෙත පූජා කර තිබූ මෙම සද්දන්ත ඇත් දළ යුගලය සැකකාර හිමිනම උපක්‍රමශීලීව විහාරස්ථානයෙන් බැහැර කර ජාවාරම්කරුවන් මාර්ගයෙන් විකිණීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වී8 වාහන කීපයක්ම තිබු අර අනුරාධපුර උන්නාන්සෙව අනුගමනය කරන්න ඇති. කීය කීය හරි හම්බකරලා වී8 එකක් ගත්තොත් වේගයෙන් සැපසේ නිවන් යන්න පුලුවන් කියලා හිතන්න ඇති.
ඔය ඇත්දල පුජාකලෙ ඇතා. නොදකින් කාලකන්නි. සත්තු මරල දලදෙක ගලවගෙන හරියට උගෙ වගෙ පූජකලේ. ඒව බාරගන්න කහකඩයොත් ඉන්නව.
අන්ධ ආගමික භක්තිය ඇති මෝඩයින් නිසා තක්කඩින් කරනදේවල් තමයි මේ.
ගරුතර මහා සංඝරත්නයට අපහාස කරන්න හිතාගෙන බොරුවට කල චෝදනාවක්. මෙතන ලියන සමහරක් මෝඩ බෞද්ධයින් කිසිවක් නොදැන ගරු, ස්වාමින් වහන්සේලාට නිකරුනේ දොස් නගනවා.
සාදු සාදු .සආආආආදු
මේ හාමුරුවන්ගේ වරදක් නැහැනේ... නිකම් බොරුවට තියාගෙන ඉන්නවට වඩා හොදයි මම මේක සල්ලි කරලා 18 හෝ 19 වයසේ ගැහැණු දරුවෝ කීපදෙනෙකුට පුජා කරලා පිනක් කරගන්න එක හොදයි කියලා.... පන්සල් විලා වල ආතල් එකේ සැපගන්න කහපාට රෙද්දක් පොරවගත්තු මේ හොර මුදලාලිලාට මේවා පුජාකරන මෝඩ ගොන් හරක්ට මඩු වලිගෙන් තලලා හරක් මුත්‍රා පොවන්න ඕනේ.. ඕක සර්ධාව නොවේ බුරුවනේ කරන්නන් වාලේ කරන මොට්ට පින්කම්... ඕක විකුණලා ඒ සල්ලි වලින් පිපාසෙ ඉන්න මිනිස්සු ටිකකට නල ලින් ටිකක්, වහලයක් හදාගන්න උළු ටිකක් පොත් පත් ටිකක් අරගෙන දුන්නනම්