(ඩයනා උදයංගනී)
විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් විරෝධය පා වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන හෙට (9) රාත්‍රියේ විහාරස්ථානවල විදුලි පහන් නිවා අඳුරේ තැබීමට භික්ෂූන් වහන්සේලා ගෙන ඇති තීරණයට සහය පළ කරමින් කොළඹ අගරදගුරු පදවියේ දේවස්ථානවල ද විදුලි පහන් නිවන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් දැනුම් දී ඇතැයි සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.
ඒ අනුව විහාරස්ථානවල පහන් නිවා තැබෙන හෙට සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම දේවස්ථාන ද අඳුරේ තබන බව පියතුමෝ සඳහන් කළහ. සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේ දී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සාමාන්‍ය ජනතාවට මෙන්ම ආගමික ස්ථානවලටත් ඉහළ ගිය විදුලි බිල පීඩාවට පත්වෙලා.සාමාන්‍ය ජනතාවට මෙන්ම ආගමික ස්ථානවලටත් ඉහළ ගිය විදුලි බිල හේතුවෙන් පීඩාවට පත්ව ඇති නිසා මෙම සංකේතාත්මක විරෝධතාව පවත්වන බව පියතුමෝ කීහ.
ඡායාරූපය - ගයාන් අමරසේකර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ක්‍රියාවලිය වක්‍රව විදුලි පරිභෝජනය අඩු කිරීමට හේතුවනු ඇත. පන්සල් පොල්තෙල් පහනින් ආලෝකවත් වන අතර, පල්ලි ඉටි පන්දම් වලින් එළියවත් වනු ඇත.
සාමාන්‍ය මිනිස්සු විඳින දුක එක්ක ඕක මොකක්ද. අඩුම ගානේ කන්න ටික හරි නිකම් හම්බවෙනවා.
ඒක හොඳයි, රෑට පන්සල් වහලා දාන්න රට වගේම.
පූජක පක්ෂය දේශපාලනය කරන නිසා මිනිස්සු දැනටමත් පංසල් පල්ලි යන එක අඩු කරලා තියෙන්නේ. පුළුවන් විදියට පිරිමහල බිල නොගෙවා ඔය විකාර වැඩ කරන්න ගිහින් ඉතුරු දායකයො ටිකත් නැති කරගන්නයි යන්නේ.
මේ අය සපෝට් එකට කියන කරන ඒවට අහුවෙන්න එපා. ඔය අපිව අන්දන්න හදන්නේ. කලිනුත් කළේ ඕක තමා.
පංසල් පල්ලි මේ අරගෙන ඇති තීරණය ආගමික සම්ප්‍රදායක් වශයෙන් දිනපතාම කරගෙන යනවනම් අපිට හුගක් විදුලිබලය ඉතිරිකරගන්න පුළුවන් නේද? තව ටිකක් පන්සල් පල්ලි කෝවිල් හා අනෙකුත් ආගමික ස්ථානවලට විදුලි බලි වැඩි කරලා මේ විදියටත් විදුලි බල අර්බුදයෙන් සහනයක් ලබා ගැනීමට හැකි බවත සනාථ කළ යුතුයි.
දැන් බලමු අර පන්සල් වලට බැනපු පින්වතුන් මේකට මොකද කියන්නේ කියලා..
ඒ හැම පන්සලකම පල්ලියකම මසකට භාවිතා කරන විදුලියේ කිලෝවොට් ගණන කීයද කියලා ඒ ප්‍රදේශයේ මහජනතාව දැනුවත් කරන්න...! එවිට ඒ අයම එයට නිසි පිළිතුරක් දෙයි නේද? ඒ අයගේ මාසික විදුලි බිල්පත සසඳා බලමු..! බොහෝ තැන්වල ගණිත සමීකරණය ඉක්මවා "වායු සමීකරණ" අපමන ප්‍රමාණයක් අවභාවිතා කරන බව එතැනට නිතරම යන එන අය දන්නවා. ඒත් වැඳුම් පිඳුම් කරන තැන නිසා වන්දනාමාන කරලා ඒවා නොදැක්කා සේ නිඟඬවම යනවා! විදුලි පංකා, පරිගණක, PEO-TV, හා තවත් දේ එමට භාවිතා කරනවා ප්‍රමාණය ඉක්මවලා. පින් කැටේට කාසි වැටෙන තරමට විදුලිය පාවිච්චි කරනවා නම් කාටත් වාසියි නේද?
මුළු ලංකාවටම වෙලා තියෙන්නෙත් ඔය දේම තමයි. රෑට නැතිව දහවල් කාලයට මේ කටයුතු කළා නම් වැඩේ ඉවරයි.
විදුලිය මිල වැඩි කරන්න වෙලා තියෙන්නේ ඩීසල් සහ ගල් අඟුරු වල මිල ඉහල යාම නිසා. මේක ගෝලීය තත්වයක් මිසක් ලංකාවේ ආණ්ඩුව හිතාමතා කරන දෙයක් නෙවෙයි. වර්ජනය කලා කියලා විදුලිය අඩුවට දෙන්න ආණ්ඩුවට බැහැ. ආණ්ඩුව මේ තරමින් හරි බලශක්තිය දෙන්න ඉතා විශාල ඩොලර් ධනස්කන්දයක් වැය කරනවා. මේක තනිකරම දැන දැන කරන උසි ගැන්වීමක්.
ඇයි රෑ 10 වෙනකම් විතරක්? ඇයි උදේ වෙනකන් නැත්තේ. අනේ සමාවෙන්න AC නැතුව නිදාගන්න බැරි නිසා රෑ 10 වෙනකම් විතරයි. හොදයි වගේ දැනෙනවා
ඉස්සර කාලෙත් පල්ලි පන්සල් ගියේ රාත්‍රී කලේ නොවෙයි. ඉතින් අපි හෙට සිට පල්ලි පන්සල් දහවල් කාලයට යන්නම්. ඔබලා ලැගුම් ගෙවල් වල ඇති විදුලි පහන් නිවාගෙන ඉන්නවාද? ඒ නිසා වැයවෙන විදුලියේ බිල ගෙවන්නේ අහිංසක දායකයෝ හා පින්පෙට්ටියට සල්ලි දමන්නෝ නේද?
ඔය ප්‍රශ්න විරෝධය පාලා විසදන්න බෑ.ආයෙත් ගෝටව බලයට පත්කරගෙන බලන්න.ඉතුරු ටිකත් කාවි
මොනවද ඔට්ටු .සත්ගුණවත් හාමුදුරුවරු සිටින එකම පන්සලක්වත් අඳුරේ නොතියන බවට
සිරිල් ගාමිණී පියතුමා කියන්නේ ඔබ තුමාලා පාවිච්චි කරන ලයින් බිල මේ රටේ අසරණ ජනතාව ගෙවන්න ඕනා කියලද? මම දන්නා විදිහට කතෝලික සභාව හෝ කතෝලිකයින් රජයෙන් හිඟා කෑවේ නැහැ කවදාවත්. ඔවුන් නත්තල පමණක් නොවෙයි පල්ලියේ මංගල්ලේ ටත් අත දිගහැර වියදම් කල හැකි මට්ටමක සිටින දායකයින් පිරිසක්. ඔබ තුමා කාගේ හරි ලනුවක් කාලා කතෝලික සභාවට මෙන්ම කතෝලිකයින්ටත් අපහස කරනවා කියලයි මට නම් හිතෙන්නේ. ඒ වගේම මුස්ලිම් හා හින්දු බැතිමතුන් පවා ඔවුන්ගේ දේවස්ථානවල ලයිට් බිල් ගෙවන්න රජයෙන් සහන ඉල්ලුවේ නැහැ කවදාවත්. පියතුමෙනී තමන්ගේ තත්වය තියාගෙන ඉන්න. පල්ලිය පන්සල ඉස්සරහට දාගෙන තක්කඩි දේශපාලකයින්ගේ ලයිට් බිල අසරණ ජනතාවගේ කරමත පටවන්න තමයි මේ උත්සහ කරන්නේ අහුවෙන්න එපා ඒ හොරුන්ට..
ස්තූතියි, සංගා, ස්තූතියි පල්ලියා! අපේ කන් සමරනවා!