
(සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසුවේ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ ඉවත්වීමට සැරසෙන හෙයින් ඊට ප්‍රථම ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.
නායකත්වය විවේචනය කළ සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීමට පක්ෂයට පූර්ණ බලය පවතින බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් පක්ෂයේ තවත් සමහර නායකයන් ප්‍රකාශ කර ඇතැයි පැවසෙන්නේ ඔහු පක්ෂයෙන් ඉවත්ව යන්නේ නම් එසේ යෑමට ඉඩ දිය යුතු බවයි.
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ නායකත්වය නිර්දය ලෙස විවේචනය කළේය.
ෆොන්සේකා මහතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධ වන බවට මේ දිනවල ආරංචි පැතිරෙමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කතාවක්. ඉන්න තියෙන ගේ හැම තැනම රීගෙන ගඳ ගස්සවනවට වඩා හොඳ නැතිද එලියට ගිහිල්ල ඒ වැඩ කරගන්න එක. එතකොට ගේ ඇතුලේ ඉන්න අය කරදර නැතිව වැඩක් බලාගෙන ඉඳීවි.
කුහක සරත් ෆොන්සේකා වාසිතකා රනිල් ලගට ගිය එක හුගාක් හොදයි ඒ මොකද සමගි ජන බලවේගයේ නායකයන්ට ඉතාමත් හොද දෙයක් මේ කුහක මිනිහට කවුරුත් කැමති නැහැ
වයිරය, කුහකකම නිසාම 2010 දී මේ මනුස්සය පස්සේ ගිය උන්දලාට දැන් මොකද වෙන්නේ? අපුරුවට හිටි සරත් ෆොන්සේකා මහත්තයව දේශපාලන නරා වළට ඇදල කුහකත්වයේ පිකාසොලා වන ජවිපාවුන් මේ සියල්ලට වගකිව යුතුයි.
සරත් පොන්සේකා මහතාගේ දේශපාලන ගමනත් මෙයින් අවසන් වෙනවා. තමන්ගේ නම්බුව ගරුත්වය රැකගෙන දේශපාලනයෙන් අයින් වෙන්න. එක එක දේශපාලන පක්ෂ වලට බැල මෙහෙවරකම් කරන්ඩ එපා. රට රැක ගත්ත වීරයා බව කෙලෙස ගන්ඩ එපා.
මේ මනුස්සයට සිවිල් පරිපාලනය තේරෙන්නේ නැහැ . ගිය ගිය තැන රන්න්ඩු . මේ වන විට කරනම් කියක් ගැහුවද ? කිසි කෙනෙක් එක්ක හොඳින් ඉන්න බැහැ . ස්ජියත් හොඳ නැහැ නුමුත් මේ මනුස්සය හැසිරෙන්නේ පොඩි ළමයෙක් වගේ . රනිල් ලඟට ගියොත් මාස කීපයකින් රනිල්ට බැන බැන යාවි . තවත් කුහක මිනිහෙක් විතරයි .
ජනතාවට අමතක නැහැ. හමුදාව යුද්ධය කරද්දි අලිමංකඩ යනවයි කියල පාමංකඩ යන්නෙ කියල අපහාස කල එවුන් සජබෙ ඉන්නෙ. SF කියන්නෙ වීරයෙක් එයා ඉවත් වෙන එක හොඳයි. කොහොමත් සජබෙ පරදිනවා.
Dollar වේයෝ කනකම් හිටපු එකා රට ගැන හිතයි ද.
පනින රිලවුන්ට ඉනිමන් මොකටද? මුලදී රාජපක්ෂ කඳවුර (2009 ජනාධිපති මැතිවරණ ඡන්ද ලක්ෂ 40 තනිවම කෑම) ඉන්පසු මැතිණියට තනිව ඡන්ද 5000 ගණන් නොගෙන ඉවතට 2015 යහපාලන රජයේ සිරිසේන ජනාධිපති හා රනිල් දැන් සජිත් නායකයා... තරු පටි දැම්මාට එයා කටුස්සා.. තව සතුන්ගේ නම් ඈඳා ගැනීම ඔවුන්ට හොඳ නෑනේ...