IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පානදුර සුමංගල විදුහලේ විදුහල්පති අල්ලස් දැලේ

(සුමිත් ප්‍රේමතිලක, බණ්ඩාරගම  බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)

පානදුර සුමංගල විදුහලේ විදුහල්පතිවරයා රුපියල් එක්ලක්ෂ පනස් දහසන අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී අද (28) අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය.

පළමු ශ්‍රේණියට දරුවකු ඇතුලත් කිරීම සඳහා  රුපියල් ලක්ෂ දෙකක මුදලක් සැකකරු විසින් ඉල්ලා ඇති අතර එකී මුදල රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වා අඩුකරවා ගෙන ඇති බව පවසයි

සැකකරු එම මුදල ලබාගනිද්දී සැඟව සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්  විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත්බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (11)

පානදුර සුමංගල විදුහලේ විදුහල්පති අල්ලස් දැලේ

විපරමා Friday, 28 January 2022 06:22 PM

පහුගිය කාලේ උද්ඝෝෂණ කරපු අය දැන් මොනවා කියයිද?

:       9       55

kamalSaturday, 29 January 2022 11:13 AM

උම්බෑ.. උම්බෑ... තමයි කියන්න වෙන්නේ..!

:       1       5

මහජනතාව Friday, 28 January 2022 08:05 PM

දැන් ජරාව කන්නෙ ඩිස්කවුන්ට් එහෙමත් දීලා...

:       3       44

සුධීර Friday, 28 January 2022 08:39 PM

දැන් ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති මාධ්‍යයට ඇවිත් කියනවද? තමන් අල්ලසට දූෂණයට විරුද්ධයි කියලා...!

:       3       47

සුද්දාSaturday, 29 January 2022 02:58 AM

ආයේ පාරක් උද්ඝෝෂණ කරලා වැඩ නොකර ඉන්න පොටක් පෑදුනා කියලා ස්ටාලින් සහ මහින්ද ජයසිංහ ඇතුළු සමිති නායකයින් තොලකට ලෙවකනවා ඇති. අහිංසක විදුහල්පතිවරුන්ට සහයෝගය දෙන්න ඕනෑනේ.

:       0       1

සුධීරSaturday, 29 January 2022 03:30 PM

ඒක නම් වෙන්න පුළුවන් සුද්දා මහත්මයා...

:       0       0

maga Friday, 28 January 2022 10:38 PM

කම්බ හොරපවුලකට රට බාර දිලා, පොඩි හොරු ගැන තමයි කියවන්නේ...!

:       0       2

Raveendra Saturday, 29 January 2022 06:00 AM

වහාම ඊනියා චෝදනාවලින් අපේ සාමාජිකයාව නිදහස් කරව්... මීට විදුහල්පති සංගමය....

:       1       0

Nivantha Saturday, 29 January 2022 07:36 AM

කොහොමද පිනාලා, ගුරාලා ළමයි ගැන කැපවෙන විදිය... පඩි මදි කියකියා කොරෝනා පතුරවමින් ළමයින්ගේ අධ්‍යාපනය විනාශ කළ මොවුන් කුඩාළමයාට පවා පාසලට දාන කොට පගාව අරගෙන දෙන ආදර්ශය මොකක්ද? ජෝසප් ස්ටාලින්ට, මහින්ද ජයසිංහ කියන අය මොනවද දන්නේ නෑ මේවාට කියන්නේ? ගුරුවරු නෙවෙයි ගුරුවරු නමින් පෙනී ඉන්න අමනයින්. දැන් ගුරු වෘත්තියට එන්නේ ළමයින්ට උගන්වන්න නෙමෙයි ටියුෂන් කරන්නයි, ළමයි පාසල් දානකොට පගා ගන්නයි... ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ වගේ පහළ පන්තියේ අය මේ ගෞරවනීය වෘත්තීය විනාශ කළා. ගොං ආණ්ඩුව පඩි නවත්තනවා වෙනුවට මෙයාලාට නැමුණා..

:       2       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 29 January 2022 08:40 AM

හොරකම, අල්ලස, දූෂණය කව්රු කළත්, දඬුවම් දීමට පසුබට නොවීය යුතුයි. ඒත්, රටේ අගමැතිගේ ගිණුමෙන් කෝටි ගණනින් මුදල් හොරකම් කරා. ඒත්, අල්ලන්න කිසිවෙකු හෝ නැහැ. එක රටක්.. එක නීතියක්..

:       0       4

G.M.p.s.fernando Tuesday, 01 February 2022 02:26 PM

රටේ මහා එකා ගහන පගාව පෙන්නේ නෑනේද ඔය මොකෙක් ට වත් .සාමාන්‍ය මිනිහෙක් කරන,වැරදි විතරයි ඔකොටම පෙන්නේ.බලු නිතිය...වෙලාවකට මට හිතෙනවා බොම්බයක් බැඳගෙන ඔය මහා එඋන්ගෙ ගෙට පැනලා මරාගෙන මැරෙන්න .අහිංසක මිනිස්සු ඉට පස්සෙ වත් සතුටක් ලැබෙයි නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site