
(සුමිත් පොතුපිටිය)
පානදුර මුහුදු වෙරළට අඩි හතකට ආසන්න දිගකින් යුත් කිඹුළෙක් අද පස්වරුවේ පැමිණ ඇතැයි පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
කිඹුළෙකු වෙරළ ආසන්නයේ ඇති ගල්වැටිය අසලට සවස 5.30 ට පමණ පැමිණ සිටීන බව දුටූ ධීවරයෙක් වෙරළ ආරක්ෂක නිළධාරීන්ව දැනුවත් කර තිබේ.
වෙරළ ආරක්ෂක නිළධාරීන් පැමිණීමේදී කිඹුලා මුහුදට ඇදී ගොස් වෙරළට මීටර් 10 - 20 ත් අතර දුරකින් ආසන්න මුහුදේ අදුර වැටෙනතුරු සැරිසරා ඇතැයි සදහන්වේ.
කිඹුලා පිළිබඳ අත්තිඩිය වනජීවි නිළධාරීන් දැනුවත් කර ඇති අතර හෙට (29) ඉදිරි කටයුතු සිදුකරන බව දැනුම් දී තිබේ.
කිඹුලා මුහුදු වෙරළෙන් ඉවත් කරන තුරු මුහුදේ දියනෑමේදී සහ සිරි නැරඹීමට පැමිණිමේදී සැලකිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජේෂ්ඨ පොලිස් නිළධාරීයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාලු දියවන්නාවේ වරෙන්...
මේක ඇසුනොත් කිඔුල්ලුත් රට පටවයි, එක සතෙක්වත් මේ රටේ නොබේරේ, නිහඬව සිටිමු...