(සුමිත් පොතුපිටිය)
පානදුර මුහුදු වෙරළට අඩි හතකට ආසන්න දිගකින් යුත් කිඹුළෙක් අද පස්වරුවේ පැමිණ ඇතැයි පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
කිඹුළෙකු වෙරළ ආසන්නයේ ඇති ගල්වැටිය අසලට සවස 5.30 ට පමණ පැමිණ සිටීන බව දුටූ ධීවරයෙක් වෙරළ ආරක්ෂක නිළධාරීන්ව දැනුවත් කර තිබේ.
වෙරළ ආරක්ෂක නිළධාරීන් පැමිණීමේදී කිඹුලා මුහුදට ඇදී ගොස් වෙරළට මීටර් 10 - 20 ත් අතර දුරකින් ආසන්න මුහුදේ අදුර වැටෙනතුරු සැරිසරා ඇතැයි සදහන්වේ.
කිඹුලා පිළිබඳ අත්තිඩිය වනජීවි නිළධාරීන් දැනුවත් කර ඇති අතර හෙට (29) ඉදිරි කටයුතු සිදුකරන බව දැනුම් දී තිබේ.
කිඹුලා මුහුදු වෙරළෙන් ඉවත් කරන තුරු මුහුදේ දියනෑමේදී සහ සිරි නැරඹීමට පැමිණිමේදී සැලකිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජේෂ්ඨ පොලිස් නිළධාරීයෙක් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පානදුර වෙරළට අඩි හතක කිඹුළෙක්
දියවන්නාවේ කිබුලා Saturday, 29 April 2023 02:36 PM
යාලු දියවන්නාවේ වරෙන්...
Pa_Daya Saturday, 29 April 2023 03:31 PM
මේක ඇසුනොත් කිඔුල්ලුත් රට පටවයි, එක සතෙක්වත් මේ රටේ නොබේරේ, නිහඬව සිටිමු...