(සුමිත් පොතුපිටිය)
පානදුර වෙරළේ සැරිසැරූ අඩි 7 ක් පමණ දිගැති කිඹුලා අද පස්වරුවේ අල්ලා ගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව ඇත.
දින කිහිපයක් මුළුල්ලේ පානදුර මුහුදු වෙරළා ආසන්නයේ සැරිසරා ඇති කිඹුලා ඊයේ පස්වරුවේ පානදුර පොලිස් අධිකාරී කාර්‍යාලය ඉදිරිපිට වෙරළට පැමිණ සිටි අයුරු ධීවරයකු දැක වෙරළ ආරක්ෂක නිළධාරීන් දැනුවත් කර තිබුණි .
ඒ අනුව වෙරළ ආසන්නයේ අද ජනතාව ගැවසීම අඩුව තිබූ අතර ජීවිත ආරක්ෂක නිළධාරීන් කළ විමර්ශනවලදී කිඹුලා සිය ග්‍රහණයට නතුකර ගත්බව වෙරළ ආරක්ෂක නිළධාරීන් පැවසීය .
අත්තිඩිය වනජීවි කාර්‍යාලය දැනුවත් කර ඇති අතර, වනජීවි නිළධාරීන් පැමිණීමට නියමිත බව සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ළඟට ආවේ අසාධාරණයට ලක්වුණු කිඹුලෙක්ද? මහත්තයා පහරදෙනවා කියන්නද?