IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පානදුර ආතර් වී දියෙස් උද්‍යානය ජනතා අයිතියට

නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද පානදුර ආතර් වී දියෙස් නාගරික උද්‍යානය හා දුම්රිය පොළ චතුරශ්‍රය ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, බස්නාහිර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුකෙරිණි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මත මෙම උද්‍යානය හා දුම්රිය පොළ චතුරශ්‍රය ඉදිකර තිබේ.

අමාත්‍ය අජිත් පී පෙරේරා, පානදුර නගරාධිපති නන්දන ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූප  - චතුර එස්. කොඩිකාර) 

 

 



අදහස් (10)

පානදුර ආතර් වී දියෙස් උද්‍යානය ජනතා අයිතියට

pakeer Tuesday, 25 June 2019 02:17 PM

උත්සවේට ආපු මිනිස්සු බත් පැකට් කාල පාර හැම තැනම දාල ගිහින්.සත්තු

:       1       203

chandima Tuesday, 25 June 2019 03:59 PM

එකනේ, මෙච්චර කල් බලහත්කාරෙන් බුදල් කරගෙන ඉඳල තියෙන්නේ.

:       2       77

රාජුන් Tuesday, 25 June 2019 11:15 PM

මේ ජනතා අයිතියට කියන පදයේ තේරුම කුමක්ද? රටක දේ එම රටේ ජනතාවට නෙවෙයි නම් අයිති වෙන කාටද අයිති? දේශපාලකයන්ටද? මම ඔස්ට්‍රීයාවේ ගියා ඉතා විශාල පාලමක් විවෘත කරනවා බලන්න. ඒක ඇත්තටම අණ බෙර ගහගෙන කරපු විවෘත කිරීමක් නෙවෙයි. ප්‍රධාන ඉංජිනේරුවරයා ඇවිත් අවසාන වරට එම පාලම පරීක්ෂා කර බැලුවා. ඉන්පසු දමා තිබූ මාර්ග බාධක ඉවත් කර වාහන වලට පාලමට ඇතුල් වෙන්න ඉඩ දුන්නා. වැඩේ ඉවරයි. මැති ඇමතිවරු කවුරුවත් නෑ.

:       0       202

charitha Wednesday, 26 June 2019 05:05 AM

ජනතාවගේ සල්ලි වලින් හදපුව ජනතාවට පවරනවලු. දවසේ විහිලුව.මේවට කරන වියදම් අපරාදේ

:       0       201

කොස් මාමා Wednesday, 26 June 2019 05:19 AM

සැහෙන හෙවනට තිබ්බ රූස්ස ගස් ටික කපුවා මුලින්ම ඔය ඉඩමේ, පස්සේ තමයි ඔය පැළෑටි ටික හිටෙව්වේ කලින් තිබ්බ ගස් තියෙද්දීම ඕක කලානම් තමයි වටින්නේ

:       3       205

Prasad Wednesday, 26 June 2019 05:44 AM

අපේ බදු මුදල් වලින් ඉදි කරන ලදී.

:       0       201

Sanath Kandy Wednesday, 26 June 2019 06:58 AM

රටක් පාලනය කරන්න තරම් සුදුසු නන්දන ගුණතිලක සහෝදරයා නගර සභාවක් හෝ පාලනය කරනු දැකීම සතුටටට කරුණකි. ජවිපෙන් ඉවත් නොවී සිටියානම් අද ඔහු ජවිපෙ නායකයා.

:       89       153

imesh Wednesday, 26 June 2019 07:52 AM

ලොකුවට උත්සව තියල පටන්ගන්නවා. ඊට පස්සේ පැත්ත පළාතකට යන්න බැහැ. කිසිම නඩත්තුවක් නැහැ. දැන් අර බෙරේ වැව වටේ ඇවිදින්න හැදුවට ඒවගේ තණකොළ වැවිල. කොළ වැටිලා. සුද්ද කරන්නේ නැහැ. කුණු දුවිලි පිරිලා. ඇවිදිනවා තිය බලන්නවත් බැහැ ඒ පැත්ත.

:       1       136

chandima Wednesday, 26 June 2019 02:57 PM

ඡන්දෙ ඉවර වෙනකල් තව කොයිතරම් දේවල් තියෙනවද ජනතා අයිතියට පවරන්න? කැළණි පාලම, පිටකොටුවේ බස් නැවතුම්පොළ, කොළඹ කෞතුකගාරේ, විහාරමහාදේවි උද්‍යානය, ඩෝසන් කුළුණ, තව කොයි තරම්ද? දළදා මාලිගාව, ශ්‍රීමහා බෝධිය, සිරිපාදේ, වගේ එව්වට වැඩි වැඩියෙන් ඡන්ද ලැබෙන්න ඉඩ තියෙනවා.

:       1       16

Chathura Thursday, 27 June 2019 05:31 AM

එතන තිබුන මහ ගස් ටික සේරම කපලා කාන්තාරයක් කරා මුලින්ම. දැන් එතන කිසිම කෙනෙක්ට පයින් ඇවිදන් යන්න බැරි තරමට රස්නෙ වැඩියි දවල් වරුවට.

:       0       91

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site