නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද පානදුර ආතර් වී දියෙස් නාගරික උද්‍යානය හා දුම්රිය පොළ චතුරශ්‍රය ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, බස්නාහිර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුකෙරිණි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මත මෙම උද්‍යානය හා දුම්රිය පොළ චතුරශ්‍රය ඉදිකර තිබේ.
අමාත්‍ය අජිත් පී පෙරේරා, පානදුර නගරාධිපති නන්දන ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සවේට ආපු මිනිස්සු බත් පැකට් කාල පාර හැම තැනම දාල ගිහින්.සත්තු
එකනේ, මෙච්චර කල් බලහත්කාරෙන් බුදල් කරගෙන ඉඳල තියෙන්නේ.
මේ ජනතා අයිතියට කියන පදයේ තේරුම කුමක්ද? රටක දේ එම රටේ ජනතාවට නෙවෙයි නම් අයිති වෙන කාටද අයිති? දේශපාලකයන්ටද? මම ඔස්ට්‍රීයාවේ ගියා ඉතා විශාල පාලමක් විවෘත කරනවා බලන්න. ඒක ඇත්තටම අණ බෙර ගහගෙන කරපු විවෘත කිරීමක් නෙවෙයි. ප්‍රධාන ඉංජිනේරුවරයා ඇවිත් අවසාන වරට එම පාලම පරීක්ෂා කර බැලුවා. ඉන්පසු දමා තිබූ මාර්ග බාධක ඉවත් කර වාහන වලට පාලමට ඇතුල් වෙන්න ඉඩ දුන්නා. වැඩේ ඉවරයි. මැති ඇමතිවරු කවුරුවත් නෑ.
ජනතාවගේ සල්ලි වලින් හදපුව ජනතාවට පවරනවලු. දවසේ විහිලුව.මේවට කරන වියදම් අපරාදේ
සැහෙන හෙවනට තිබ්බ රූස්ස ගස් ටික කපුවා මුලින්ම ඔය ඉඩමේ, පස්සේ තමයි ඔය පැළෑටි ටික හිටෙව්වේ කලින් තිබ්බ ගස් තියෙද්දීම ඕක කලානම් තමයි වටින්නේ
අපේ බදු මුදල් වලින් ඉදි කරන ලදී.
රටක් පාලනය කරන්න තරම් සුදුසු නන්දන ගුණතිලක සහෝදරයා නගර සභාවක් හෝ පාලනය කරනු දැකීම සතුටටට කරුණකි. ජවිපෙන් ඉවත් නොවී සිටියානම් අද ඔහු ජවිපෙ නායකයා.
ලොකුවට උත්සව තියල පටන්ගන්නවා. ඊට පස්සේ පැත්ත පළාතකට යන්න බැහැ. කිසිම නඩත්තුවක් නැහැ. දැන් අර බෙරේ වැව වටේ ඇවිදින්න හැදුවට ඒවගේ තණකොළ වැවිල. කොළ වැටිලා. සුද්ද කරන්නේ නැහැ. කුණු දුවිලි පිරිලා. ඇවිදිනවා තිය බලන්නවත් බැහැ ඒ පැත්ත.
ඡන්දෙ ඉවර වෙනකල් තව කොයිතරම් දේවල් තියෙනවද ජනතා අයිතියට පවරන්න? කැළණි පාලම, පිටකොටුවේ බස් නැවතුම්පොළ, කොළඹ කෞතුකගාරේ, විහාරමහාදේවි උද්‍යානය, ඩෝසන් කුළුණ, තව කොයි තරම්ද? දළදා මාලිගාව, ශ්‍රීමහා බෝධිය, සිරිපාදේ, වගේ එව්වට වැඩි වැඩියෙන් ඡන්ද ලැබෙන්න ඉඩ තියෙනවා.
එතන තිබුන මහ ගස් ටික සේරම කපලා කාන්තාරයක් කරා මුලින්ම. දැන් එතන කිසිම කෙනෙක්ට පයින් ඇවිදන් යන්න බැරි තරමට රස්නෙ වැඩියි දවල් වරුවට.